හම්බන්තොට නව දිස්ත්‍රික් ලේකම් ලෙස දකුණු පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාමීය සංවර්ධන, සංස්කෘතික කටයුතු, සමාජ සුභසාධන හා පරිවාස ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු හා ගෘහ ආර්ථික නිවාස ඉදිකිරීම, නිවාස හා රැකීරක්ෂා අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරනු ලැබූ ඒ.බී.අයි. ද සිල්වා මහතා ඊයේ (17) පෙරවරුවේ මහසඟරුවනේ ආශිර්වාද මැද සුබ මොහොතින් වැඩ භාර ගත්තේය.
හම්බන්තොට නව දිස්ත්‍රික් ලේකම් ලෙස වැඩ භාරගත් ඒ.බී.අයි. ද සිල්වා මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. හම්බන්තොට හිටපු දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමනසේකර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව පසුගිය 15 වැනි දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමෙන් පසු නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ඒ.බී.අයි. ද සිල්වා මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.