වෙනම ම පුද්ගලයෙකු පත් කර ගනිමින් මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යෑම සුදුසු බව පැෆ්රල් සංවිධානය පවසයි.
එසේ නොවුණ හොත් පසුගිය ජනාධිපතිවරණයේ දී ආදායම් වියදම් වාර්තා ලබා දීමේ දී ඇතැම් අපේක්ෂකයන්ට සිදුවූ අපහසුතාවලට මෙම අපේක්ෂකයන්ට ද මුහුණ දීමට සිදු විය හැකි බව පෙන්වා දෙමින් එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් දැනුවත් වීම වැදගත් බව පෙන්වා දෙන ඒ මහතා, ආදායම් වියදම් වාර්තා මහමැතිවරණය අවසන් වූ විගස සූදානම් කිරීම සඳහා වෙනමම අයෙකු පත් කර ගැනීමෙන් සිදු වන අපහසුතා අවම කර ගැනීමට හැකි බව ද පෙන්වා දෙයි.
ඒ මහතා මේ බව කියා සිටියේ, ඊයේ (18) මාධ්‍යවේදීන් සිදු කළ විමසීමකට පිළිතුරු දෙමිනි.