සංවර්ධනය වෙමින් පවතින රටවල හරිත බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ලෝක වෙළෙඳ ප්‍රදර්ශනය ඉන්දියාවේ මුම්බායි නුවරදී නිමාවට පත් වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. දින දෙකක් පුරා පැවැති මේ ප්‍රදර්ශනය ඊයේ අවසන් වූ බවත්, ඊට අප්‍රිකාව, ආසියාව සහ ලතින් අමෙරිකාව නියෝජනය කරමින් රටවල් 37ක නියෝජිතයන් සහභාගි වූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඉන්දියාව සහ සෙසු රටවල වෙළෙඳ හා ආර්ථික සහයෝගිතාව වර්ධනය කිරීමේ අවස්ථාවක් ලෙසත් එම වෙළෙඳ ප්‍රදර්ශනය හඳුන්වා දී තිබේ.
වසර 2070 වන විට කාබන් විමෝචනය ලෝකයෙන් තුරන් කිරීමේ තේමාව යටතේ පැවැති ලෝක වෙළෙඳ ප්‍රදර්ශනය ලොව පුරා කලාප 30ක වෙළෙඳ හා ආයෝජන අවස්ථා විවර කිරීමට පිටුවහලක් වී ඇතැයි ද, මේ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 117ක ඇස්තමේන්තුගත අපනයන විභවයන් විවෘත කිරීමට ඉන්දියාව සූදානමින් සිටි බවත් එරට මාධ්‍ය සඳහන් කළේය.
හරිත, පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් පැවැති මෙවර ලෝක වෙළෙඳ ප්‍රදර්ශනයේදී තිරසරභාවය සඳහා නවෝත්පාදනය තේමාව යටතේ වැඩසටහන් රැසක් පෙළගස්වා තිබූ බවත්, යුරෝපය, අප්‍රිකාව, ආසියාව සහ අමෙරිකාව ඇතුළු විවිධ කලාපවල තානාපතිවරු හා වෙළෙඳ ව්‍යාපාරිකයන් විශාල පිරිසක් ඊට එක්වූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.