රුසි­යා­වට එරෙහිව ජන­තාව පෙල­ඹවූ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් යුක්රේන ජන­ප­තිට දොස්

රුසි­යාව සමඟ යුද්ධ­යක පැට­ලී­මට සිය ජන­තාව පෙළඹූ බවට අමෙ­රි­කාවේ ජනා­ධි­පති අපේ­ක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනා­ධි­පති වොලො­දි­මිර් සෙලෙ­න්ස්කිට චෝදනා එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නොවැ­ම්බර් මස 5 වැනිදා පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ජය ගැනී­මෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙ­රි­කාවේ විදේශ ප්‍රති­ප­ත්තිය රුසි­යා­වට වාසි­දා­යක අයු­රින් ක්‍රියා­ක්මක කරන බව ඔහුගේ මේ ප්‍රකා­ශ­යෙන් පැහැ­දිලි වන බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

රෙප­බ්ලි­කන් අපේ­ක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වරින් වර යුක්රේන ජනා­ධි­ප­ති­ව­රයා විචේ­ච­න­යට ලක් කර ඇතැයි ද, වසර 2022 දී රුසි­යාව සමඟ යුද­ගැ­ටුම් ඇති කර­ගැ­නී­මෙන් පසු අමෙ­රි­කා­වෙන් ඩොලර් බිලි­යන ගණ­නා­වක මුදල් සහ හමුදා ආධාර ලැබූ සෙලෙන්ස්කි පෘථි­වියේ සිටින විශි­ෂ්ට­තම ව්‍යාපා­රි­කයා බව ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.