උගුර හා ශ්වසන ආසාදනයෙන් මේ වසරේදී පාකිස්තානයේ කරච්චි නුවර දරුවන් සියයකට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවල සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් අවම වීම හේතුවෙන් මේ තත්ත්වය උදාවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. බැක්ටීරියා මගින් බෝවෙන මේ උගුර හා ශ්වසන ආසාදනය හේතුවෙන් හෘදයට හා ස්නායුවලට දැඩි හානි සිදුවන බවත්, ඊට අවශ්‍ය ප්‍රතිජීවක එන්නත් හිඟ වීම එම ඛේදජනක මරණවලට හේතුව බවත් කරච්චි නුවර සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ඇතැයි ද වාර්තා වේ. පසුගිය වසරේදී එවැනි රෝගීන් 140ක් සහ මරණ 52ක් වාර්තා වූ බවත් කරච්චි නුවර සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මේ තත්ත්වය මඟ හරවා ගැනීමට රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව පාකිස්තානයේ සෞඛ්‍ය විශේෂඥවරුන් ප්‍රකාශ කර ඇතැයි ද, දරුවන් අතර උගුර හා ශ්වසන ආසාදන වළක්වාගැනීමට පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද සෞඛ්‍ය විශේෂඥවරුන් අවධාරණය කර තිබේ.