බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.පී. රත්නායක මහතා වප් පුරපසළොස්වක් පොහොය යෙදුණු පෙරේදා (17) යුදඟනා පුදබිමට පැමිණියේය. යුදඟනාව චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදාගත් ඒ මහතා විහාරාධිපති බුත්තල ඓතිහාසික යුදඟනාව රාජමහා විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශීර්වාද ගෙන විහාරස්ථානයේ ඉදිරි කටයුතු සහ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සංරක්ෂණ කටයුතු පිළිබඳ සාකච්ඡාවකද ඒ මහතා නිරත විය.