නව­සී­ලන්ත කාන්තාවෝ වසර 14කට පසු අව­සන් මහා සට­නට

ලෝක කුස­ලාන කාන්තා විස්සයි20 තර­ගා­ව­ලියේ අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලැබී­මට නව­සී­ලන්ත පිල සමත් වෙයි. ඒ අනුව නව­සී­ල­න්තය හා දකුණු අප්‍රි­කාව අතර අව­සන් මහා තර­ගය හෙට (20) ඩුබා­යි­හිදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත.

ඩුබායි ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණයේ ඊයේ පැවති බට­හිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි දෙවැනි අව­සන් පූර්ව තර­ග­යේදී නව­සී­ලන්ත කාන්තාවෝ ලකුණු 8ක ජයක් ලබා වසර 14කට පසු අව­සන් මහා තර­ග­යට පිවි­සීම විශේ­ෂ­ත්ව­යකි. නව­සී­ලන්ත පිල 2010 වස­රේදී බට­හිර ඉන්දීය කොදෙව්හි පැවති කාන්තා විස්සයි20 තර­ගා­ව­ලියේ අව­සන් මහා තර­ග­යට පිවිස ඔස්ට්‍රේ­ලි­යාව හමුවේ පරා­ජ­යට පත් විය. අන­තු­රුව ඔවුන්ට අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලබා ගැනීමේ අවස්ථා අහි­මිවී ගියේය.

කාසියේ වාසිය දිනා­ගත් නව­සී­ල­න්තය මුලින් පන්දු­වට පහ­රදී කඩුලු 9කට ලකුණු 128ක් ලබා­ගත් අතර, බට­හිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 8කට ලකුණු 120ක් ලබා ගත්තේය.

නව­සී­ලන්ත කාන්තා පිල කඩුලු 9කට ලකුණු 128යි (ඕවර 20)

සුසී බේට්ස් 26, ජෝජියා පිල්මි­යර් 33, සොපියා දෙවිනි 12, ඉසෙ­බලා ගාස් නොදැවී 20 අති­රේක 1 (ඩෙන්ඩ්‍රා ඩොටින් 22/4, අෆී ෆ්ලෙචර් 23/2)

බට­හිර ඉන්දීය කොදෙව් කාන්තා පිල කඩුලු 8කට ලකුණු 120යි (ඕවර 20)

ක්වීනා ජෝෂප් 12, ස්ටැෆනි ටේලර් 13, හේලි මැතිව්ස් 15, ඩෙන්ඩ්‍රා ඩොටින් 33, අෆී ෆ්ලෙචර් නොදැවී 17, සයිඩා ජේම්ස් 14 (එඩන් කාර්සන් 29/3, අමෙ­ලි­යාර් කර් 14/2)