තායි­වා­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස ජපා­නයේ 71%ක්ම පිළි­ගනී-නව­තම සමී­ක්ෂ­ණ­ය­කින් හෙළි වෙයි

ඉන්දු පැසි­ෆික් උපා­ය­මා­ර්ගික බුද්ධි ඒක­කය සහ එරට සක්කේයි ෂිම්බුන් පුවත් සේවය ඒකා­බ­ද්ධව මෑත­කදී කරනු ලැබූ සමී­ක්ෂ­ණ­ය­කට අනුව එරට 71%ක ප්‍රති­ශ­ත­යක් තායි­වා­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිළි­ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජපා­නය සහ තායි­වා­නය අතර විධි­මත් ආකා­ර­යෙන් රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා වර්ධ­නය කර­ගැ­නී­මට එම සමී­ක්ෂ­ණය ඉව­හල් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පසු­ගිය සැප්තැ­ම්බර් මස 21 වැනිදා ජපා­නයේ ප්‍රධාන නගර 8ක් පුරා සිදු කර ඇති එම සමී­ක්ෂ­ණ­යට තුන්ද­හ­ස­කට අධික ජපාන වැඩි­හි­ටි­යන් පිරි­ස­කගේ දාය­ක­ත්වය ලැබී ඇතැයි ද, තායි­වා­නය පිළි­බඳ ඔවු­න්ගෙන් ප්‍රශ්න 14ක් විමසා එම සමී­ක්ෂ­ණය සකස් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

තායි­වා­නය පිළි­බඳ ජපා­නයේ මහ­ජන මතය විමසා බැලීමේ පිය­ව­රක් ලෙස පැවැති එම සමී­ක්ෂ­ණ­යට අනුව තායි­වා­නය තව­දු­ර­ටත් චීනයේ කොට­සක් ලෙස ප්‍රකාශ කර ඇත්තේ 8%ක ප්‍රති­ශ­ත­යක් පම­ණක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් 20%ක පමණ ප්‍රති­ශ­ත­යක් තායි­වා­නයේ තත්ත්වය පිළි­බඳ පැහැ­දිලි අව­බෝ­ධ­යක් නොති­බුණු බවත් වාර්තා වේ.