ජලයෙන් යටවූ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

ගංවතුර පැවැති ප්‍රදේශවල මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ , මීයන්ගේ මුත්‍රා ජලයට මුසුවී ශරීරයේ පවතින තුවාල ඔස්සේ මී උණ විෂබීජය ශරීරගත විය හැකි බවය.

එබැවින් ශරීරයේ තුවාල පවතී නම් වතුර බැසීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

එමෙන්ම ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැලඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියේය.

පාචනය, ලේ අතීසාරය, මී උණ, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇති නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවද එම සංගමයේ සඳුන් රත්නායක මහතා මීට පෙර දැනුම්දෙනු ලැබුවේය.

මේ අතර වසරේ ගතවූ කාලසීමාව තුල මී උණ රෝගීන් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.