කෙන්යාවේ උප ­ජ­නා­ධි­පති දෝෂා­භි­යෝ­ග­ය­කින් නෙර­පයි

කෙන්යාවේ පාර්ලි­මේ­න්තුවේ පැවැති ඓති­හා­සික දෝෂා­භි­යෝ­ග­ය­කින් දුෂණ වංචා රැස­කට චෝදනා ලබා සිටි කෙන්යාවේ උප ජනා­ධි­පති රිගාටි ගච­ගුවා නෙරපා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 59 හැවි­රිදි ගච­ගු­වාට එරෙ­හිව චෝදනා 11ක් එල්ල වී තිබූ අතර, ඉන් 5කට ඔහු වර­ද­කරු බව කර­මින් එම දෝෂා­භි­යෝ­ගය පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් වී තිබූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. කෙසේ වුවද ඔහු වර­ද­කරු වී ඇත්තේ එක් චෝද­නා­ව­කට පම­ණක් බව ද වාර්තා වේ. වසර 2000දී සංශෝ­ධිත කෙන්යානු ආණ්ඩු­ක­ක්‍රම ව්‍යාස්ථා­වෙන් දෝෂා­භි­යෝ­ගය හඳුන්වා දීමෙන් පසු ධුර­යෙන් නෙරපා දැමූ පළමු උප ­ජ­නා­ධි­ප­ති­ව­රයා ඔහු බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

පාර්ලි­මේ­න්තු­වේදී දෝෂා­භි­යෝග ඡන්ද විම­සීම සිදු­වන විට හෘද­යා­බා­ධ­ය­කට ලක්වී රෝහ­ල්ගත සිටි උප­ ජ­නා­ධි­ප­ති­ව­ර­යාට එරෙ­හිව දූෂ­ණය, මුදල් විශු­ද්ධි­ක­ර­ණය, වාර්ගික ගැටුම් ඇති කිරීම, රාජ්‍ය නිල­ධා­රීන්ට හිරි­හැර කිරීම හා විනි­සු­රු­ව­ර­ය­කුට තර්ජ­නය කිරීම වැනි බර­ප­තළ චෝදනා එල්ල වී තිබිණි.