බෞද්ධ කට­යුතු කොම­සා­රිස් යුද­ඟනා පුද­බිමේ

බෞද්ධ කට­යුතු කොම­සා­රිස් ආර්.එම්.පී. රත්නා­යක මහතා වප් පුර­ප­ස­ළො­ස්වක් පොහොය යෙදුණු පෙරේදා (17) යුද­ඟනා පුද­බි­මට පැමි­ණි­යේය. යුද­ඟ­නාව චෛත්‍ය රාජ­යා­ණන් වහන්සේ වැඳ පුදා­ගත් ඒ මහතා විහා­රා­ධි­පති බුත්තල ඓති­හා­සික යුද­ඟ­නාව රාජ­මහා විහා­රා­ධි­පති ඌව වෙල්ලස්ස දෙදි­සාවේ ප්‍රධාන සංඝ­නා­යක ගල්ටැ­ම්වත්තේ නන්ද­ර­තන නායක ස්වාමීන් වහන්සේ බැහැ­දැක ආශී­ර්වාද ගෙන විහා­ර­ස්ථා­නයේ ඉදිරි කට­යුතු සහ චෛත්‍ය රාජ­යා­ණන් වහ­න්සේගේ සංර­ක්ෂණ කට­යුතු පිළි­බඳ සාක­ච්ඡා­ව­කද ඒ මහතා නිරත විය.