නව­වැනි පාර්ලි­මේන්තු කාලය තුළ කාරක සභා 74කින් වාර්තා 131ක් ඉදි­රි­පත් කරලා

නව­වැනි පාර්ලි­මේ­න්තුව ක්‍රියා­ත්මක වූ කාල­ප­රි­ච්ඡේ­දය තුළ ස්ථාවර නියෝ­ග­ව­ලට අනු­කූ­ලව කාරක සභා 74 ක් පිහි­ටුවා තිබූ අතර, එම කාරක සභා මඟින් වාර්තා 131ක් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර ඇත. ස්ථාවර නියෝග ප්‍රකා­රව පිහි­ටුවා තිබූ කාරක සභා­ව­ලට අම­ත­රව විවිධ විෂ­ය­යන් වෙනු­වෙන් පාර්ලි­මේන්තු සංසද 12 ක්ද ක්‍රියා­ත්මක විය. ඒ අනුව නව­වැනි පාර්ලි­මේ­න්තුව ක්‍රියා­ත්මක වූ කාල­සී­මාව තුළ කාරක සභා සහ සංසද 86ක් ක්‍රියා­ත්මක වී ඇත.

නව­වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල රැස්වීම 2020 අගෝස්තු 20 දින ආරම්භ වූ අතර, එතැන් සිට විසි­රුවා හරිනු ලැබූ පසු­ගිය සැප්තැ­ම්බර් 24 වැනි දා දක්වා අවු­රුදු 4 කුත් මාස 1ක් සහ දින 4ක් ක්‍රියා­ත්මක විය. එමෙන්ම නව­වැනි පාර්ලි­මේ­න්තුවේ සභා වාර පහක් ක්‍රියා­ත්මක වූ අතර, එම කාල­සී­මාව තුළ පාර්ලි­මේ­න්තුව දින 390ක් රැස්වී ඇත.

එම වක­වා­නුව තුළ විශේෂ කාර්ය­යන් සඳහා තේරීම් කාරක සභාව, පාර්ලි­මේන්තු කට­යතු පිළි­බඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළි­බඳ කාරක සභාව, ආචාර ධර්ම සහ වර­ප්‍ර­සාද පිළි­බඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළි­බඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළි­බඳ කාරක සභාව, රජයේ මුදල් පිළි­බඳ කාරක සභාව, බැංකු­ක­ර­ණය සහ මූල්‍ය සේවා පිළි­බඳ කාරක සභාව, ආර්ථික ස්ථායී­ක­ර­ණය පිළි­බඳ කාරක සභාව, ක්‍රම සහ විධි පිළි­බඳ කාරක සභාව,මහ­ජන පෙත්සම් පිළි­බඳ කාරක සභාව, ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා කට­යතු පිළි­බඳ කාරක සභාව, උසස් නිල­තල පිළි­බඳ කරක සභාව, සම්බ­න්ධී­ක­රණ කාරක සභාව, පසු­පෙළ මන්ත්‍රී­ව­ර­යන්ගේ කාරක සභාව ලෙස තේරීම් කාරක සභා 16ක් ක්‍රියා­ත්මක විය.

එමෙන්ම ආංශික අධී­ක්ෂණ කාරක සභා 17ක් ක්‍රියා­ත්මක විය. ආංශික අධී­ක්ෂණ කාරක සභා නව්‍ය අංග­යක් ලෙස ව්‍යව­ස්ථා­දා­යක ක්‍රියා­ව­ලි­යට යොදා ගැනී­මද සුවි­ශේෂී වේ. එමෙන්ම ව්‍යව­ස්ථා­දා­යක ක්‍රියා­ව­ලි­යට මෙරට තරුණ තරු­ණි­යන් සම්බන්ධ කර ගැනීමේ වැද­ග­ත්ක­මද ආංශික අධී­ක්ෂණ කාරක සභා පිහි­ටු­වී­මේදී අව­ධා­න­යට ලක්කළ ප්‍රධාන කරු­ණක් වූ අතර, එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස තෝරා­ගත් තරුණ තරු­ණි­යන්ට කාරක සභා රැස්වී­ම්ව­ලට ක්‍රියා­කා­රීව සහ­භාගි වීමට ඉඩ­කඩ සලසා දීම නව­වැනි පාර්ලි­මේන්තු කාල­සී­මා­වේදී සිදු විය.

ස්ථාවර නියෝ­ග­ව­ලට අනු­කූ­ලව සෑම කැබි­නට් අමා­ත්‍යාං­ශ­යක් සඳ­හාම එක් උප­දේ­ශක කාරක සභා­වක් පිහිටු විය යුතු වන අතර, එවන් උප­දේ­ශක කාරක සභා 29ක් ද නව­වැනි පාර්ලි­මේ­න්තුවේ ක්‍රියා­ත්මක විය.

ඊට අම­ත­රව නව­වැනි පාර්ලි­මේන්තු කාල­සී­මාව තුළදී ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමා­ජ­භා­වය මත පද­නම් වී කරනු ලබන වෙන­ස්කම් සහ කාන්තා­වන්ගේ අයි­ති­වා­සි­කම් කඩ­වීම් පිළි­බ­ඳව විශේෂ අව­ධා­නය යොමු කර­මින්, ස්ත්‍රී-පුරුෂ සම­තාව සහ සමා­නා­ත්ම­තා­වය තහ­වුරු කිරී­මට සහ ඒ පිළි­බ­ඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලි­මේ­න්තු­වට වාර්තා කිරීම සඳහා වූ පාර්ලි­මේන්තු විශේෂ කාරක සභාව, මැති­ව­රණ සහ ඡන්ද විම­සීම් ව්‍යුහයේ හා නීති රීති­වල ප්‍රති­සං­ස්ක­රණ හඳුනා ගැනී­ම­ටත් ඒ සම්බ­න්ධ­යෙන් අවශ්‍ය සංශෝ­ධන ඉදි­රි­පත් කිරී­ම­ටත් වන පාර්ලි­මේන්තු විශේෂ කාරක සභාව ඇතුළු කාරක සභා 11 ක් ක්‍රියා­ත්මක වූ අතර, ඉන් කට‍යුතු අව­ස­න්කොට කාරක සභා වාර්තා 08 ක් ඉදි­රි­පත් කොට ඇත. එමෙන්ම නියෝජ්‍ය කථා­නා­ය­ක­ව­රයා සභා­පති වූ ව්‍යව­ස්ථා­දා­යක ස්ථාවර කාරක සභාව නව­වැනි පාර්ලි­මේ­න්තුව තුළදී එහි කට­යුතු සම්බ­න්ධ­යෙන් කාරක සභා වාර්තා 25ක් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කොට ඇත.