කර­දි­ය­නාරු පොලිස් භෝජ­නා­ගා­ර­යට අලි­යෙක් පැන හාල් කිලෝ 125ක් හා පරිප්පු කාලා

කර­දි­ය­නාරු පොලිස් ස්ථානයේ භෝජ­නා­ගා­ර­යට පෙරේදා අලු­යම් කාලයේ වන අලි­යෙක් පැමිණ භෝජ­නා­ගාර ගොඩ­නැ­ඟි­ල්ලට හානි­කර එහි තිබූ හාල් සහ පරිප්පු තොග­යක් ආහා­ර­යට ගෙන ඇතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

කිලෝ 25 බැගින් වූ හාල් උර පහක් හා කිලෝ පහක් බරැති පරිප්පු උර­යක් වන අලි­යාගේ ආහා­රය බවට පත්ව ඇත.

මෙසේ වන අලියා හානි­කර ඇත්තේ පොලිස් ස්ථානයේ තනි­කඩ භට නිවාස ආශ්‍රි­තව තිබූ භෝජ­නා­ගා­ර­යට බව උසස් පොලිස් නිල­ධා­රියේ සඳ­හන් කළේය.