පිටකන්ද නාය යයි

මේ දිනවල මාතලේ දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටකන්ද උඩ කොටසේ වතු නිවාස පේළියක් නාය යෑමෙන් එහි ජීවත් වූ පුද්ගලයන් 52 දෙනකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

මෙම වතු නිවාස පේළිය නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් පසුගියදා ඇදහැලුණු වර්ෂාවත් සමඟ සිදුවූ නාය යාම් තත්ත්වයක් හේතුවෙන් නිවාස කිහිපයක් විනාශ වී ඇති අතර එහි ජීවත් වූ පවුල් නවයක පුද්ගලයින් 52 දෙනකු මෙලෙස ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදෙස් මත ඇල්කඩුව වැවිලි සමාගම පියවර ගෙන තිබේ.

එම ස්ථානයෙන් ඉවත් කළ පුද්ගලයන් වෙනුවෙන් අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය හා ඔවුන්ට අවශ්‍ය අනෙකුත් පහසුකම් සැපයීමට මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ උපදෙස් මත මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත්වීම යටතේ සිදු කෙරේ.