අපේක්ෂකයකුට ඡන්ද දායකයකුට වියදම් කළ හැකි මිල ගණන් ගැසට් කරයි

2024 මහමැතිවරණයේදී එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් ඡන්ද අපේක්ෂකයෙක් වැය කළ හැකි උපරිම මුදල සඳහන් වන ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් මේවන විට නිකුත් කර තිබේ.ඒ අනුව එක් එක් දිස්ත්‍රික්ක අනුව එක් ඡන්දදායකයෙක් සඳහා වැය කළ හැකි මුදල් ප්‍රමාණය වෙනසක් පවතී.

කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක්ට ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 114කි.

අපේක්ෂකයකුට එක් ඡන්දදායකයෙක් සඳහා අවම මුදලක් වැය කිරීමට හැකියාව ඇති දිස්ත්‍රික්කය වන්නේ වන්නියයි.

එය රුපියල් 82කි.