පාස්කු වාර්තා හරි වෙලාවට එළියට දාන්නම්

පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තා අවශ්‍ය වෙලාවට හෙළිදරව් කිරීමට සූදානම් යැයි ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් මහතා ‘දිනමිණට’ ඊයේ (17) පැවසීය. එක් එක් පුද්ගලයන්ගේ ප්‍රකාශ මත පදනම්ව ඒවා හෙළි නොකරන්නේ මන්දැයි යන්න පැවසූ ඒ මහතා වගකිවයුතු ආණ්ඩුවක් ලෙස එම කටයුත්ත නිසි පරිදි සිදු කරන බව ද කීවේය. අවධානය ගැනීමට පොඩි දරුවන් සෙල්ලම් බඩු පොළොවේ ගසන ආකාරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කරන බව කී ඇමැතිවරයා, ඒවාට කලබල විය යුතු නැති බවත් අවශ්‍ය වෙලාවට ඒ වාර්තා ඉදිරිපත් කරන බවත් වැඩිදුරටත් පැවසීය.