තැපැල් ඡන්දයට දින දෙයි

පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස 30, නොවැම්බර් 1 සහ 4 දිනවල සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයන්ට ඒ සඳහා නොවැම්බර් 7 සහ 8 දිනවලදී අවස්ථාව හිමි වේ.

එහිදී ඔවුන් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ගොස් ඡන්දය සලකුණු කළ යුතු බව ද කොමිෂන් සභාව සඳහන් කරයි.

මහමැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට භාර දීම මේ 23 වැනිදා ආරම්භ කරයි.