රුසියානු යුද්ධයට කොරියානු හමුදා කැඳවන බවට වාර්තාවක්

උතුරු කොරියාව යුක්රේනයේ රුසියාව සමඟ සටන් කිරීමට හමුදා භටයින් 12,000 ක් යැවීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය පවසන්නේ එය දැඩි ආරක්ෂක තර්ජනයක් බවයි.

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky මීට පෙර කියා සිටියේ බුද්ධි තොරතුරු මත පදනම්ව උතුරු කොරියානු සොල්දාදුවන් 10,000 ක් යුද්ධයට සම්බන්ධ විය හැකි බවයි.

යුක්රේනයේ පොල්ටාවා ප්‍රදේශයේ මිසයිලයක් ප්‍රතිසාධනය කිරීමෙන් මෑතකදී පෙන්නුම් කරන ලද පරිදි, උතුරු කොරියාව රුසියාවට පතොරම් සපයන බවට සාක්ෂි වැඩි වීමත් සමඟ මෙය පසක්වී ඇති බව සඳහන්.