අධික වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් චෙන්නායි හා යාපනය අතර ගුවන් ගමන් සහ මගී නැව් සේවාව ඊයේ (16) සිට ක්‍රියාත්මක නොකිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මුහුදේ රළු ස්වභාවය සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ නාගපට්ටන සිට කන්කසන්තුරේ වරාය දක්වා යාත්‍රා කෙරෙන ශිවගංගී නැව් සේවාව ක්‍රියාත්මක නොකරන බව එම සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ එස්. නිරන්ජන් මහතා ඉන්දියාවේ සිට නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.
මේ අතර අධික වර්ෂාව සහ අයහපත් කාලගුණය හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපොළේ සිට අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් නවතා දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ද නවතා දමා ඇත.
ගුවන් ගමන් සහ නැව් සේවා නවතා දමා ඇත්තේ තාවකාලික පියවරක් වශයෙන් වුවත් නැව් සේවාව යළි ආරම්භ කිරීමට කාලයක් ගත විය හැකි බව බලධාරීන් සඳහන් කර තිබේ.