කිරි එළ­දෙ­නුන්ගේ බුරුලු ප්‍රදා­හය හඳුනා ගැනී­ම­ටත් කෘත්‍රිම බුද්ධිය

කිරි ගව­යින් අතර බහු­ලව දක්නට ලැබෙන බුරුලු ප්‍රදා­හය (Mastitis) රෝගය කල්තියා හඳුනා ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම සම්බ­න්ධ­යෙන් පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයේ ආචාර්ය බිමල්කා රණ­සිංහ මහ­ත්මිය ඇතුළු කණ්ඩා­ය­මක් කළ පර්යේ­ෂ­ණ­ය­කින් සාර්ථක ප්‍රති­ඵල අත්ව තිබේ.‍

දේශීය කිරි ගොවි කර්මා­න්තයේ හෙට දවස ගැන සුබ නිමි­ත්තක් ලෙස සැල­කෙන මේ පර්යේ­ෂ­ණ­යට ආචාර්ය බිමල්කා රණ­සිංහ මහ­ත්මිය සමඟ ඉංජි­නේරු පීඨයේ ආචාර්ය දම­යන්ති හේරත්, මහා­චාර්ය චමිල වල්ග­ම්පාය, කෘෂි­කර්ම පීඨයේ මහා­චාර්ය ආර්.එම්.සී.දේශ­ප්‍රිය මහත්ම මහ­ත්මීන් ද පර්යේ­ෂණ සහා­යි­කාව ලෙස කේ.එම්. දේවින්දි මහ­ත්මිය ද  දාය­ක­ත්වය ලබා දී ඇත. කිරි ගව­යින් 2400ක් පමණ සංඛ්‍යා­වක් පරී­ක්ෂ­ණ­යට භාජ­නය කර­මින් ඔවුන්ගේ වයස, බිහි­කළ පැට­වුන් ගණන ආදි තොර­තුරු ද  සතුන්ගේ කිරි­වල අඩංගු මේදය හා ප්‍රෝටීන් ප්‍රමා­ණය, ශෛල ප්‍රමා­ණය ඇතුළු දත්ත රැසක් ද ඒක­රාශි කර ඒවා විශ්ලේ­ෂ­ණය කිරීම මඟින් බුරුලු ප්‍රදා­හය රෝග­යට හේතු­වන බැක්ටී­රියා ආසා­දි­තව සිටින සතුන් සම්බ­න්ධ­යෙන් නිග­ම­න­ය­කට එළ­ඹී­මට හැකි වූ බව ආචාර්ය බිමල්කා රණ­සිංහ මහ­ත්මිය පැව­සු­වාය.

පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ පරි­ග­ණක ඉංජි­නේරු අංශයේ ආචාර්ය දම­යන්ති හේරත් මහ­ත්මිය පැව­සුවේ එම දත්ත පරි­ග­ණක ගත කර මැෂින් ලර්නින් (Machine Learning) ක්‍රමය ඔස්සේ බුරුලු ප්‍රදා­හ­යට ගොදුරු වූ සතුන් කෘත්‍රිම බුද්ධිය උප­යෝගි කර­ග­නි­මින් හඳුනා ගැනීමේ  ක්‍රම­වේ­ද­යක් සොයා ගැනී­මට හැකි වූ බවයි. පසු­ගිය වසරේ ජූලි හා සැප්තැ­ම්බර් කාලයේ බුරුලු ප්‍රදා­හ­යට ගොදුරු වූ කිරි ගව­යින් 3700ක් වාර්තා වී තිබෙන බවත් 2022 වසරේ එම කාලය හා සැස­ඳී­මේදී රෝග­යට ගොදුරු වූ සතුන්ගේ වැඩි­වී­මක් දක්නට ලැබෙන බවත් කී රණ­සිංහ මහ­ත්මිය එම රෝගය නිසා කිරි දෙන­ක­ගෙන් ලබා­ගත හැකි කිරි ප්‍රමා­ණය මෙන්ම එහි ගුණා­ත්මක බව ද අඩු­වන බව අව­ධා­ර­ණය කළාය.

සාය­නික නොවන (Subclinical) අව­ස්ථාවේ දී රෝග ලක්ෂණ බාහි­රින් හඳු­නා­ගත නොහැකි අතර සතුන් ශාරී­රි­කව නීරෝ­ගිය. කිරි­වල වෙන­සක් දක්නට ද නොලැ­බෙයි. නමුත් වෙනත් කිසිම හේතු­ව­කින් තොරව කිරි නිෂ්පා­ද­නය කාල­යත් සමඟ ක්‍රම­යෙන් අඩු­වීම මෙහි විශේ­ෂ­ත්ව­යකි. බුරුලු ප්‍රදා­හ­යට නිසි ලෙස ප්‍රති­කාර නොකි­රීම මඟින් ආසා­දිත ක්ෂීර ග්‍රන්ථි හා පටක සම්පූ­ර්ණ­යෙන් විනාශ වී එම­ඟින් කිරි නිෂ්පා­ද­නය මුළු­ම­නින්ම නැව­තීමේ හැකි­යා­වක් ද පවතී. එවැනි තත්ත්ව­ය­කට පත්වූ කිරි බුරු­ලක් නැවත යථා තත්ත්ව­යට පත් කිරී­මට ද නොහැකි බව පශු වෛද්‍ය­වරු පව­සති. එමෙන්ම ප්‍රති­කාර කිරී­මට භාවිත කරන ප්‍රති­ජී­වක කිරි සමඟ ආහාර දාම­යට ද ඇතු­ළු­වීමේ අව­දා­න­මක් පවතී. බුරුලු ප්‍රදා­හ­යට ගොදුරු වූ එළ­දෙ­නුන්ගේ ප්‍රජ­නන හැකි­යාව පහළ ගොස් පැට­වුන් ලබා ගැනීමේ කාලය දීර්ඝ වන බව ද ආචාර්ය බිමල්කා ඇතුළු පර්යේ­ෂ­ක­යන් විසින් සොයා ගනු ලැබ තිබේ.

රෝග කාරක බැක්ටී­රි­යාව කිරි බුරු­ලට  ඇතුළු වී කාල­යක් ගත වූ පසු කිරි ගව­යාගේ  කිරි බුරු­ලු­වල ඉදි­මීම, රත්පැහැ ගැන්වීම වැනි ලක්ෂණ දැකිය හැකි බවත් මේ තත්ත්ව­යට පත්වී­මට පෙර ආසා­දිත සතුන් හඳුනා ගැනී­මෙන් රෝගය පැති­රීම වළක්වා ගැනීම සඳහා එම සතුන් වෙන් කර තැබීම වැනි ක්‍රියා­මා­ර්ග­ව­ලට පහ­සු­වෙන් යොමු වීමට හැකි බවත් ආචාර්ය රණ­සිංහ මහ­ත්මිය ප්‍රකාශ කළාය.