ඉන්දීය චිත්‍ර­ප­ටයේ ඇල්ල ආරුක්කු පාලම අසල රූගත කිරීම් අව­සන්-උඩ­රට දුම්රිය මඟේ දුම්රිය ධාව­නය යළිත්

උඩ­රට දුම්රිය මාර්ගයේ ඇල්ල අහ­ස්න­වය ආරුක්කු පාලම අසල රූගත කිරීම් කළ ඉන්දි­යානු චිත්‍ර­ප­ට­යක් වන මිරායි චිත්‍ර­ප­ටයේ රූගත කිරීම් හේතු­වෙන් දින කීප­යක් සීමා කර තිබූ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාව­නය ඊයේ (16) සිට යළි සුපු­රුදු පරිදි ධාව­නය කැරෙන බව නාව­ල­පි­ටිය දුම්රිය පාලක මැදි­රිය පව­සයි.

මේ මිරායි චිත්‍ර­ප­ටයේ රූගත කිරීම් උඩ­රට දුම්රිය මාර්ගයේ ඓති­හා­සික ඇල්ල අහ­ස්න­වය ආරුක්කු පාලම අසල රූගත කිරීම් කට­යුතු ඉකුත් 9 වැනි දින ආරම්භ වූ අතර මේ හේතු­වෙන් කොළඹ සිට බදුල්ල බලා ධාව­නය වන දුම්රිය කීප­යක් කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරී­මට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව කට­යුතු කර තිබිණ.

එම දුම්රිය මගීන් වෙනු­වෙන් ඇල්ල බදුල්ල අතර විශේෂ සුඛෝ­ප­භෝගී බස්රථ සේව­යක් යොදවා දුම්රිය මගීන්ට ඇල්ල බදුල්ල අතර ගමන් කිරී­මට ද දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව කට­යුතු කළ බව නාව­ල­පි­ටිය දුම්රිය පාලක මැදි­රිය සඳ­හන් කළේය. ඉන්දි­යානූ ශ්‍රී ලංකා ඒකා­බද්ධ නිර්මාණ මිරායි චිත්‍ර­ප­ටයේ ඇල්ල අහ­ස්න­වය ආරුක්කු පාලම අසල රූගත කිරීම් කට­යුතු ඉකුත් 9 වැනි දින ආරම්භ වී පෙරේදා(15)අව­සන් විය . මේ චිත්‍ර­ප­ටයේ රඟ­පෑම් කට­යු­තු­ව­ලට ඉන්දි­යාවේ ජන­ප්‍රිය ප්‍රසිද්ධ නළු නිළි­යන් රැසක් ඇල්ල අහ­ස්න­වය ආරුක්කු පාලම අස­ලට පැමිණ සිටි අතර එම රූගත කිරීම් කට­යුතු නැර­ඹී­මට දේශීය විදේ­ශීය සංචා­ර­ක­යන් විශාල පිරි­සක් ඒ දින කීපය පුරා ඇල්ල අහ­ස්න­වය ආරුක්කු පාලම අස­ලට පැමිණ සිටි­යහ.