විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී අර්ධ ස්වයංක්‍රිය ක්‍රමවේදයකට අනුව නිර්මාණය කිරීමේ නව ක්‍රමවේදයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේදී අනුගමනය කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම යනාදි වංචාවන් අවම කර ගැනීම මෙමඟින් අපේක්ෂා කරන බවත් අර්ධ ස්වයංක්‍රිය ක්‍රමවේදයකට අනුව ප්‍රශ්න පත්‍ර නිර්මාණයේදී පුද්ගල දායකත්වය අවම කර පරිගණකගත ක්‍රමවේදයක් මඟින් ප්‍රශ්න පත්‍ර නිර්මාණය සිදු වන බවත් ඒ මහතා කීය.
මෙම නව ක්‍රමවේදය යටතේ වංචා දූෂණ අවම කර ගැනීමේ හැකියාවක් පවතින්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
නව අධ්‍යාපන ප්රතිසංස්කරණත් සමඟ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ ක්‍රියාවලිය විශාල පරිවර්තනයකට යොමුව තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම නව ක්‍රමවේදයන් අනුගමනය කරන බව ද හෙතෙම පැවසීය.
විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේ කටයුතු පුද්ගලයන් සමඟ කරන තාක්කල් වංචා දූෂණවලින් සියයට සියයක් බැහැර වීමට නොහැකි බව ද ඒ මහතා පැවසුවේය.
පසුගිය කාලය තුළදී ප්‍රශ්න පත්‍ර පිටවීම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ යන්ත්‍රණය තුළ ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් නොවන බවත් පුද්ගලයන්ගේ විශ්වාසය හා සම්බන්ධ ගැටලුවක් නිසා විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම සිදු වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතේ විධිවිධාන සහ දණ්ඩනීති සංග්‍රහයේ විධිවිධාන අනුව විභාග වංචාවලට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදීම සිදු කරන අතර වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගැනීමට හැකි ප්‍රසිද්ධ විභාග පනත සම්පූර්ණයෙන්ම අපරාධමය වැරදි සඳහන් නීතියක් බව ද ඒ මහතා පැවසුවේය.