නැඟෙ­න­හිර සංව­ර්ධ­නය නව රජයේ ප්‍රති­පත්ති අනුව ක්‍රියා­ත්මක කර­නවා-නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර ජය­න්ත­ලාල් රත්න­සේ­කර

නැඟෙ­න­හිර පළාතේ ඉදිරි සංව­ර්ධන කට­යුතු නව රජයේ ප්‍රති­පත්ති අනුව ඒකා­බ­ද්ධව ක්‍රියා­ත්මක කිරී­මට බලා­පො­රොත්තු වන බව නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර ජය­න්ත­ලාල් රත්න­සේ­කර මහතා සඳ­හන් කළේය.

ආණ්ඩු­කා­ර­ව­රයා මේ බව පැවැ­සුවේ පෙරේදා (15) අම්පාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යා­ලය සහ අම්පාර නගර සභා වැඩ කට­යුතු නිරී­ක්ෂ­ණ­යෙන් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මිනි.

වන­අ­ලි­න්ගෙන් සිදු වන හානි වළක්වා ගැනී­මට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විස­ඳුම් දීම සම්බ­න්ධ­යෙන් අවශ්‍ය පිය­වර ගන්නා බව ද ඒ මහතා වැඩි­දු­ර­ටත් පැවැ­සීය.