වයඹදිග නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් පුද්ගලයන් 104 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වයඹදිග නයිජීරියාවේ ජිගාවා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූ එම පිපිරීමෙන් තවත් පුද්ගලයන් 100කට වැඩි පිරිසකට තුවාල සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අධිවේගී මාර්ගයේ වේගයෙන් ධාවනය වෙමින් තිබූ එම ඉන්ධන ටැංකිය රැගත් ට්‍රක් රථයේ රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුවී ඇතැයි ද, ඒ වන විට මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තවත් ට්‍රක් රථයක ගැටීම වැළැක්වීමට රියැදුරු උත්සාහ කිරීමේදී ඉන්ධන ටැංකිය පෙරළීමෙන් පුපුරා ගොස් ගිනිගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මියගිය සහ තුවාල ලැබූ සියලුදෙනා අනතුරින් පසු ටැංකියෙන් පිටතට ගලා ගිය ඉන්ධන එක්රැස් කිරීමට පැමිණි අවට නිවාසවල පදිංචිකරුවන් බව වැඩිදුරටත් වාර්තා වේ.