උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල අහස්නවය ආරුක්කු පාලම අසල රූගත කිරීම් කළ ඉන්දියානු චිත්රපටයක් වන මිරායි චිත්රපටයේ රූගත කිරීම් හේතුවෙන් දින කීපයක් සීමා කර තිබූ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනය ඊයේ (16) සිට යළි සුපුරුදු පරිදි ධාවනය කැරෙන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
මේ මිරායි චිත්රපටයේ රූගත කිරීම් උඩරට දුම්රිය මාර්ගයේ ඓතිහාසික ඇල්ල අහස්නවය ආරුක්කු පාලම අසල රූගත කිරීම් කටයුතු ඉකුත් 9 වැනි දින ආරම්භ වූ අතර මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය කීපයක් කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණ.
එම දුම්රිය මගීන් වෙනුවෙන් ඇල්ල බදුල්ල අතර විශේෂ සුඛෝපභෝගී බස්රථ සේවයක් යොදවා දුම්රිය මගීන්ට ඇල්ල බදුල්ල අතර ගමන් කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය. ඉන්දියානූ ශ්රී ලංකා ඒකාබද්ධ නිර්මාණ මිරායි චිත්රපටයේ ඇල්ල අහස්නවය ආරුක්කු පාලම අසල රූගත කිරීම් කටයුතු ඉකුත් 9 වැනි දින ආරම්භ වී පෙරේදා(15)අවසන් විය . මේ චිත්රපටයේ රඟපෑම් කටයුතුවලට ඉන්දියාවේ ජනප්රිය ප්රසිද්ධ නළු නිළියන් රැසක් ඇල්ල අහස්නවය ආරුක්කු පාලම අසලට පැමිණ සිටි අතර එම රූගත කිරීම් කටයුතු නැරඹීමට දේශීය විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ඒ දින කීපය පුරා ඇල්ල අහස්නවය ආරුක්කු පාලම අසලට පැමිණ සිටියහ.