හදිසි අනතුරකින් සමු ගත් ‘වන් ඩිරෙක්ෂන්’ සුපිරි තරුව

ලෝක ප්‍රකට ‘වන් ඩිරෙක්ෂන්’ (One Direction) සංගීත කණ්ඩායමේ සුපිරි තරුවක් වන ලියම් පේන් හදිසි අනතුරකින් මිය ගොස් තිබේ.

ලියෑම් පේන් මිය යන විට වයස අවුරුදු 31කි.

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි හෝටලයක තුන්වන මහලෙන් වැටීමෙන් ඔහු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

911 ඔස්සේ ලැබුණු ඇමතුමක් අනුව අදාළ ස්ථානයට ගිය පොලීසියට ලියම්ගේ සිරුර හමු වී ඇත.

ප්‍රදේශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ඇල්බර්ටෝ ක්‍රෙසන්ටි ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසුවේ ලියම් ට “බරපතල තුවාල” සිදුවී ඇති බවත් මරණ පරීක්ෂණයක් පවත්වන බවත් ය.

One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමජිකයෙකු වූ නයිල් හොරන්ගේ ප්‍රසංගයකට සහභාගී වීම සඳහා ලියම් මේ මස මුලදී ආජන්ටිනාව බලා ගොස් තිබුණි.

ලියම් 2010 වසරේදී X Factor TV වැඩසටහන නිර්මාණය කරන ලද අතර රසිකයන් අතර බෙහෙවින් ආදරයට පාත්‍ර විය.