සීගි­රිය පව්ව පේන මානයේ අධි පරි­සර සංවේදී රක්ෂි­තයේ ඉපැ­රණි ගස් කපා විනාශ කරලා

මහ­වැසි මැද කාට­වත් නොපෙනී සූක්ෂ­මව සංචා­රක නිකේ­තන ඉදි­කි­රී­මට කැලේ කපලා

සැක­පිට තිදෙ­නෙක් මාට්ටු

සීගි­රිය සහ පිදු­රං­ගල පව්වේ සිට මීටර් හාර­සී­යක් පමණ දුර­කින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරි­සර සංවේදී අභ­ය­භූමි රක්ෂි­තයේ සංචා­රක නිකේ­තන ඉදි­කි­රී­මට වනය හෙළි­පෙ­හෙළි කර­මින් සිටි පුද්ග­ල­යන් තිදෙ­නකු පෙරේදා (15) සවස  සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් බව සීගි­රිය වන ජීවී නිල­ධා­රීහු පව­සති. මේ දින­වල ඇද හැලෙන වර්ෂා­වත් සමඟ ඉතා සූක්ෂම ලෙස කිසි අය­කුට නොපෙ­නෙන අයු­රින් වනය හෙළි­කර ඇති බව පෙනී ගොස් තිබේ.

කොළඹ ප්‍රදේ­ශයේ ව්‍යාපා­රි­ක­ය­කුගේ කොන්ත්‍රා­ත්තු­වක් මත මේ පරි­සර සංවේදී කලා­පය පිරි­සක්   විනාශ කර­මින් සිටින බවට ප්‍රදේ­ශ­වා­සී­න්ගෙන් ලද තොර­තු­රක් මත ගොස් පරීක්ෂා කර මේ වැට­ලීම කළ බව සීගි­රිය වන ජීවී කාර්යා­ලයේ ස්ථාන භාර නිල­ධාරි අඩවි ආර­ක්ෂක එස්.එස්. මලින්ද මහතා පැව­සීය. සීගි­රිය හරහා මහ­වැලි ගඟට ගලා බසින යාන් ඔය දෙපස මේ ආකා­ර­යෙන්ම ඉපැ­රණි වැල් සහ ගස් කපා විනාශ කර තිබෙන බව ඔවුහු පෙන්වා දෙති. මේ පුද්ග­ල­යන් අත්අ­ඩං­ගු­වට ගෙන ප්‍රශ්න කිරී­ම්ව­ලදී හෙළි වී ඇත්තේ වන­ජී­වීන් දැඩි ආර­ක්ෂිත කලා­ප­යට සහ යාන් ඔය රක්ෂි­ත­යට විකු­ණු­ම්ක­ර­යක් හරහා ඉඩ­මට ඔප්පු­වක් ඔවුන් සතුව ඇති බවය.

සීගි­රිය වන­ජීවී කාර්යා­ලයේ ස්ථාන භාර නිල­ධාරී එස්.එස්. මලින්ද මහතා සඳ­හන් කළේ සීගි­රිය අභ­ය­භූ­මියේ පෞද්ග­ලික සහ වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තු­වට අයත් ඉඩම් ඕනෑ තරම් පව­තින බවය. එම ඉඩ­ම්වල යම් ඉදි­කි­රී­මක් හෝ කුමන කට­යු­ත්තක් කළත් අනි­වා­ර්ය­යෙන්ම වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තු­වෙන් අව­ස­රය ලබා ගත යුතු බවයි. එහෙත් මේ වනය හෙළි­පෙ­හෙළි කිරී­මට කිසිම අව­ස­ර­යක් ලබා­ගෙන නැති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

සීගිරි පව්ව සහ පිදු­රං­ගල පව්ව පේන මානයේ ඇති මේ පරි­සර සංවේදී කලා­පයේ වන අලින් මෙන්ම වන සතුන් ගහන ප්‍රදේ­ශ­යක් බව ද වන­ජීවී නිල­ධා­රීහු පෙන්වා දුන්හ.

මේ පරි­සර සංවේදී කලා­පය හෙළි­පෙ­හෙළි කිරීම බර­ප­තළ අප­රා­ධ­යක් බව ප්‍රදේ­ශ­වා­සීන් ද මේ ස්ථාන­යට පැමිණ පෙන්වා දෙමින් කියා සිටියේ වර්ත­මාන රජයේ ක්‍රියා­ව­ලිය හරහා මේ සීගි­රිය අධි පරි­සර සංවේදී කලා­ප­යට ව්‍යාජ හෝ ඉඩම් ඔප්පු සැක­සුවේ කෙසේ­දැයි ඒ කවු­රුන් දැයි හෙළි­කර දෙන ලෙසය.

මේ පරි­සර සංවේදී කලා­පය වන සතුන් අලි ඇතුන් ගැව­සෙන බවත් අතී­තයේ සිට මේ තල්කොටේ ගම්මා­නයේ ජන­තාව රක්ෂිත ආරක්ෂා කර­ගෙන සිට ඇත. ප්‍රදේ­ශයේ ප්‍රබල ව්‍යාපා­රි­ක­යන් විවිධ රාජ්‍ය නිල­ධා­රීන් සහ දේශ­පා­ලන අධි­කා­රියේ බලය පෙන්ව­මින් මේ ආකා­ර­යෙන් පහළ සිටින රාජ්‍ය නිල­ධා­රීන්ට පවා තර්ජ­නය කර ඉඩම් අත්පත් කර­ගෙන සංචා­රක ව්‍යාපාර ස්ථාන ආරම්භ කිරීම දිගින් දිග­ටම සීගි­රිය ප්‍රදේ­ශයේ සිදු­වන බව ජන­තාව පෙන්වා දෙති.

මේ අප­රාධ සිද්ධි පිළි­බ­ඳව අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කිරීම පම­ණක් නොව මෙහි අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ පරි­සර විනා­ශය කිරීමේ කොන්ත්‍රාත් ලබා ගත් අය සහ වනය විනාශ කළ අය පම­ණක් බව ද පෙන්වා දෙන ප්‍රදේ­ශ­වා­සීන් කියා සිටින්නේ මෙහි මහ­මො­ළ­කරු පවා ජන­තා­වට හෙළි­ද­රව් කිරීම කළ යුතු බවයි.

සීගි­රිය වන ජීවී කාර්යා­ලයේ ස්ථාන භාර නිල­ධාරී අඩවි ආර­ක්ෂක එස්.එස්. මලින්ද, වන සත්ත්ව නියා­මක නිලන්ත දිසා­නා­යක, එම්. රොෂාන් ගාමිණී රත්න­පාල, ඊ.එන්. චාමර, ජීවන්ත ප්‍රසන්න (සිවිල් ආර­ක්ෂක) මහ­ත්වරු මේ වැට­ලී­මට එක්ව සිටි­යහ.