චෙන්නායි සිට යාප­නය අතර ගුවන් ගමන් සහ මගී නැව් සේවා තාවකාලිකව නැවැ­ත්වී­මට පිය­වර

අධික වර්ෂාව හා අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය හේතු­වෙන් චෙන්නායි හා යාප­නය අතර ගුවන් ගමන් සහ මගී නැව් සේවාව ඊයේ (16) සිට ක්‍රියා­ත්මක නොකි­රී­මට බල­ධා­රීන් පිය­වර ගෙන තිබේ.

මුහුදේ රළු ස්වභා­වය සහ අධික සුළං තත්ත්වය හේතු­වෙන් ඉන්දි­යාවේ නාග­ප­ට්ටන සිට කන්ක­ස­න්තුරේ වරාය දක්වා යාත්‍රා කෙරෙන ශිව­ගංගී නැව් සේවාව ක්‍රියා­ත්මක නොක­රන බව එම සමා­ගමේ කළ­ම­නා­ක­රණ අධ්‍යක්ෂ එස්. නිර­න්ජන් මහතා ඉන්දි­යාවේ සිට නිකුත් කරන ලද නිවේ­ද­න­යක සඳ­හන් වේ.

මේ අතර අධික වර්ෂාව සහ අය­හ­පත් කාල­ගු­ණය හේතු­වෙන් චෙන්නායි ගුවන් තොටු­පොළේ සිට අභ්‍ය­න්තර සහ ජාත්‍ය­න්තර ගුවන් ගමන් විශාල සංඛ්‍යා­වක් නවතා දැමීමේ ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් චෙන්නායි සහ යාප­නය අතර ගුවන් ගමන් ද නවතා දමා ඇත.

ගුවන් ගමන් සහ නැව් සේවා නවතා දමා ඇත්තේ තාව­කා­ලික පිය­ව­රක් වශ­යෙන් වුවත් නැව් සේවාව යළි ආරම්භ කිරී­මට කාල­යක් ගත විය හැකි බව බල­ධා­රීන් සඳ­හන් කර තිබේ.