ගිරාඳුරුකෝට්ටේ ප්‍රාදේශීය රෝහල ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට

ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්. කපිල ජයසේකර මහතා ඉකුත් 13 වැනිදා ගිරාඳුරුකෝට්ටේ ප්‍රාදේශීය රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

රෝහලේ පවතින අඩුපාඩුකම් පිළිබඳව සොයා බැලූ ඒ මහතා එම අඩුපාඩුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව සඳහන් කළේය.

2015 ඉදිකරන ලද වකුගඩු ඒකකය සහ ජංගම සේවාවන් සඳහා ලබාදී ඇති බස් රථයට කාර්ය මණ්ඩලය යොදවා කඩිනමින් ප්‍රයෝජනයට ගන්නා ලෙසට උපදෙස් ලබා දී ඇත.

මෙම අවස්ථාවට ඌව පළාත් සෞඛ්‍ය අමත්‍යාංශයේ ලේකම් දයානන්ද රත්නායක මහතා ද සහභාගී විය.