හිටපු නියෝජ්‍ය ඇමැති හීන්මහත්තයා ලියනගේ ගේ අවසන් කටයුතු අද

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වු හීන්මහත්තයා ලියන්ගේ මහතා පෙරේදා (14) අභාවප්‍රාප්ත වු අතර, අවසන් කටයුතු අද (16) පැල්මඩුල්ල ආදාහනාගාරයේදී සිදු කෙරේ.

අභාවප්‍රාප්ත වන විට ලියනගේ මහතා 83 හැවිරිදි වියේ පසු වන තිදරු පියෙකි. හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මෙවර සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක වරුණ ලියනගේ මහතාගේ පියාණන්ය. රජයේ ගුරුවරයකු ලෙස ද කටයුතු කර ඇති හීන්මහත්මයා ලියනගේ මහතා 1989දී පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්ව විසි වසරක පමණ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළේය. කලක් ලංකා කජු සංස්ථාවේ සභාපති ලෙස ද ඒ මහතා කටයුතු කර තිබේ. ලියනගේ මහතාගේ දේහය පැල්මඩුල්ල විද්‍යාල මාවත නිවෙසේ තැන්පත් කර තිබේ.