ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති මංගල විජේසිංහ

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස මංගල විජේසිංහ මහතා පත්කර තිබේ. බ්‍රවුන්ස් සහ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කර තිබෙන ඒ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් අද (16) රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.

බ්‍රවුන්ස් සහ සමාගමේ වසර 16ක අත්දැකීම් ඇති ඒ මහතා එක්සත් රාජධානියේ cardiff metropolitan විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් හිමි කරගෙන තිබේ.