මහවැස්සත් සමඟ කිරිඳිවැල සතිපොළේ එළවළු මිල පහළට

අධික වර්ෂාවත් සමඟ ඊයේ (14) කිරිඳිවැල සතිපොළේ එළවළු බොහොමයක මිල අඩු වී තිබූ බව දක්නට ලැබිණි. මෑ, කැරට්, බීට්, ගෝවා, කැකිරි, බතල, වම්බටු වැනි එළවළු කිලෝවක් රු.100/-කට අඩු මිලකට පැවතුණි.

කොමඩු කිලෝව ද රු.100ක මිලට පැවතිණි. එළවළු මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයන් ද අධික වර්ෂාව නිසා මහත් අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබිණි. පොළ භූමිය දක්නට ලැබුණු අයුරුයි මේ.