බෝම්බ බියකින් ඉන්දීය ගුවන්යානා තුනක ගමන ප්‍රමාද වෙයි

බෝම්බ භීතියක් හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පියාසර කිරීමට නියමිත ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන්යානයක් සහ ඕමානයේ මස්කට් නුවරට සහ සෞදි අරාබියේ ජෙඩා නුවරට පියාසර කිරීමට නියමිත ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන්යානා දෙකක මෙහෙයුම් ප්‍රමාද කිරීමට සිදුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරු මත එම ගුවන්යානා 3ම බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායම් යොදවා පූර්ණ පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන තිබූ බවත්, පුපුරන ද්‍රව්‍ය කිසිවක් නොමැති බවට තහවුරු කිරීමෙන් පසු නැවත මෙහෙයුම් ආරම්භ කිරීමට ගුවන්තොටුපොළ බලධාරින්ට ආරක්ෂක අංශ වෙතින් අවසර ලැබුණු බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

බෝම්බ භීතිය හේතුවෙන් සිදුවූ පරීක්ෂා කිරීම් නිසා එම ගුවන් ගමන් පැය 5 සිට පැය 7ක කාලය දක්වා ප්‍රමාද කිරීමට සිදුවූ බව ද වාර්තා වේ.