ඩැරීන් දකුණු අප්‍රිකාවේදී සවි එසැවීමෙන් රන් දිනයි

ජාතික සවි එසැවීමේ ශුරතා දිනූ ප්‍රවීණ ක්‍රීඩක ඩැරින් වීරසිංහ දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක සවි එසැවීමේ සම්මේලන ලෝක ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය. දකුණු අප්‍රිකාවේ සන් සිටි හි පැවැති ජාත්‍යන්තර සවි එසැවීමේ සම්මේලන ශූරතාවලියේ බර පන්ති 120 එම් 1 කාණ්ඩය යටතේ තරග වැදුණු ඩැරින් වීරසිංහ එහි රන් පදක්කම දිනා ගැනීමත් සමඟ ලෝක මාස්ටර්ස් සවි එසැවීමේ ශූරතාවලියට සුදුසුකම් ලැබීමට ද ඔහු සමත් විය. ලෝක සවි එසැවීමේ සම්මේලනයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන ලෝක මාස්ටර්ස් සවි එසැවීමේ ශුරතාවලියට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ද විය.