ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව පාරේ උයාගෙන කති

වස්කඩුව වෙරළබඩ තීරයම ජලයෙන් යටවී පීඩාවට පත්ව සිටින ජනතාවගේ කුසගිනි නිවන්න එම ප්‍රදේශයේම ජනතාව පාර අයිනේ ටකරම් කූඩාරමක් සාදාගෙන ආහාර පිළියෙල කරන අයුරු දැකගත හැකි විය.

පෙරදින සිට කුසගින්නේ සිටින බැවින් අසල ඇති සංචාරක හෝටලයකින් සහ කිහිප දෙනෙක් ලබාදුන් වියළි සලාකවලින් නිවෙස්වල සිරවී සිටින ජනතාව වෙනුවෙන් ආහාර පිළියෙල කර ගන්නා බව ඔවුහු පවසති.