ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිවයිනට එයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම , එහි පැවැත්වු සියලුම තරග පරාජයට පත් වීමෙන් පසු යළිත්  ඊයේ (13) රාත්‍රී යළිත් මෙරටට පැමිණියාය

එම අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් , ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙසේ පැවසුවාය .

මම මෙම පරාජයට පත් වීම නිසා වේදනාවට පත් වී සිටිනවා.

අපි ගොඩක් බලාපොරොත්තු තබා ගෙන සජා නුවර බලා පිටත්ව ගියා . අපි පුහුණු තරග ජයග්‍රහණය කළා . නමුත් අපිට තරගාවලියේ එක් තරගයක් හෝ ජයග්‍රහණය කර ගැනීමට හැකි උනේ නැහැ.

මේ සදහා අපේ දුර්වල පිතිකරණය සහ පන්දු රැකීම ඉවහල් වුණා.

විශේෂයෙන්ම මම පිතිකරණය තුළින් අසාර්ථක වුණා. ඒ විතරක් නෙමෙයි හර්ෂිතා , විස්මිත් අසාර්ථක වුණා .

අපිට වැරදුන තැන් , අපේ අඩුපාඩු හදා ගෙන ඉදිරියට යාමට බලාපොරොත්තු වෙන බවත් මෙය ඒ සදහා කදිම අවස්ථාව බවත් , තමන් යළින්  මහන්සි වී වැඩ කර ජයග්‍රහණය කරා යාමට බලාපොරොත්තු වන බවත් පැවසීය .

එළඹෙන වසරේ පෙබරවාරි මස තමන්ට නවසීලන්තයේ සංචාරයක් තිබෙන බවත් , ඊළඟට එක් දින සීමිත ඕවර් 50 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිත බවත් , තමන් ඒ තරගාවලිය සදහා දැනට 05 වන ස්ථානයේ පසුවන බවත් චමරි අතපත්තු වැඩිදුරටත් පැවසීය .

මෙම ක්‍රිකට් කණ්ඩායම ඊයේ  දින රාත්‍රී 10.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .