කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙටත් නිවාඩු

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙට (15) දිනයේත් වසා තැබීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව හෙට දින ගම්පහ, කැලණිය, කොළඹ යන අධ්‍යාපන කලාපවල සියලුම පාසැල් ද කඩුවෙල සහ කොළොන්නාව යන අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් ද වසා තැබීමටයි තීරණය කර ඇත්තේ

එමෙන්ම, අවශ්‍යතාවය මත සෙසු ප්‍රදේශවල පාසල් පිළිබඳ තීරණ ගැනීමේ බලය ඒ ඒ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබා දී තිබෙනවා