සෑම පුර­වැ­සි­ය­කු­ටම සෞඛ්‍ය සේවාව ලබා ගැනීම අයි­ති­වා­සි­ක­මක්-විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල

සෞඛ්‍ය සේවාව ලබා ගැනීම අයි­ති­වා­සි­ක­මක් වන අතර කුමන රටක හිටි­යත් එම රටේ පුර­වැ­සි­යන් සිය­ලු­දෙ­නාට සෞඛ්‍ය සේවාව ලැබීමේ හිමි­කම ඇති බව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහතා පැව­සීය. සෞඛ්‍ය සම්ප­න්නව සිටීම අයි­ති­වා­සි­ක­මක් වුවත් රජයේ රෝහල් පද්ධ­ති­යක් තිබු­ණත් ඉන් ප්‍රති­කාර නොග­ත­හොත් සහ ලබා­දෙන සෞඛ්‍ය උප­දෙස් නිසි අයු­රින් නොපි­ළි­පැ­ද්දොත් සෞඛ්‍ය සම්ප­න්නව සිටී­මට නොහැකි බව ද ඒ මහතා පැව­සු­වේය.

ලෝක රෝගී සුර­ක්ෂි­තතා දින­යට සම­ගා­මීව මොන­රා­ගල ප්‍රාදේ­ශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යා­ලයේ මෙහෙ­ය­වී­මෙන් හා සංවි­ධාන ශක්ති­යෙන් මොන­රා­ගල දිස්ත්‍රි­ක්කයේ රෝහල් කාර්ය මණ්ඩ­ල­වල සහ­භා­ගි­ත්ව­යෙන් මොන­රා­ගල කැපි­ටල් රිසෝට්හි පැවැති අන්තර් රෝහල් ප්‍රශ්න විචා­රා­ත්මක වැඩ­ස­ට­හ­නට පසු­ගි­යදා සහ­භාගි වෙමින් ඒ මහතා මේ බව කියා සිටි­යේය.

දුම් නොබොන ලෙසට කොප­මණ උප­දෙස්, සෞඛ්‍ය අව­වාද ජන­තා­වට ලබා දුන්නත් දුම්බීම නිසා මෙරට පුද්ග­ල­යන් වාර්ෂි­කව 20,000ක් පමණ මර­ණ­යට පත් වන බවත් මද්‍ය­සාර භාවි­තය නිසා සිදු වන මරණ සහ සෞඛ්‍ය­ස­ම්පන්න නොවන ආහාර භාවි­තය නිසා සිදු වන මරණ සංඛ්‍යාවේ යම් වර්ධ­න­යක් පෙන්නුම් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම අන්තර් රෝහල් ප්‍රශ්න විචා­රා­ත්මක වැඩ­ස­ට­හ­නට විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යාගේ සිට සෞඛ්‍ය කාර්ය සහා­යක සේව­කයා දක්වා නියෝ­ජ­නය වන ආකා­ර­යට එක් කණ්ඩා­ය­ම­කට පස්දෙ­නකු සහ­භාගි වූ අතර අව­ස්ථා­වන් කිහි­ප­ය­කදී පැවැත්වූ ප්‍රශ්න විචා­රා­ත්මක වට­ය­න්ගෙන් ජය­ග්‍ර­ණය ලබා අව­සන් වට­යට සිය­ඹ­ලා­ණ්ඩුව මූලික රෝහල් කණ්ඩා­ය­මට සහ බිබිල මහා­චාර්ය සේනක බිබිලේ අනු­ස්ම­රණ රෝහල් කණ්ඩා­යම සුදු­සු­කම් ලැබීය. ප්‍රශ්න වට තුන­කින් පැවැත්වූ අව­සන් මහා තර­ගා­ව­ලි­යෙන් සිය­ඹ­ලා­ණ්ඩුව මූලික රෝහල ලකුණු 115ක් ලබා ජය­ග්‍ර­හ­ණය කෙරිණ.

මෙම අව­ස්ථා­වට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය අසේල ගුණ­ව­ර්ධන, ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනිතා තෙන්න­කෝන්, මොන­රා­ගල ප්‍රාදේ­ශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේ­ෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහත්ම මහ­ත්මීන් ද වෛද්‍ය අධි­කා­රී­ව­රුන් ද දිස්ත්‍රික් වෛද්‍ය නිල­ධා­රී­ව­රුන් ද ආය­තන භාර වෛද්‍ය නිල­ධා­රී­ව­රුන් ද විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් ද වෛද්‍ය­ව­රුන් ද හෙද හෙදි­යන් ද ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝ­ජ­නය කර­මින් පිරි­සක්ද සහ­භාගි වී සිටි­යහ.