ෂෙයික් හසී­නාගේ රජය බිඳ වැටී­මට බාහිර බල­වේග හේතුවූ බවට වාර්තා­වක්

බංග්ලා­දේ­ශයේ හිටපු අග­මැ­ති­නිය ‍ෙෂයික් හසීනා ධුර­යෙන් ඉවත් කිරීම සහ ඇගේ නාය­ක­ත්ව­යෙන් යුතු අවාමි ලීග් රජය පෙරළා දැමී­මට එරට ශිෂ්‍ය අර­ග­ලය ව්‍යාප්ත කිරීම ඇතුළු සිදු­වීම් රැස­කට බට­හිර රට­වල සම්බ­න්ධ­යක් ඇතැයි ද, එම විරෝ­ධතා ආරම්භ කිරී­මට රජ­යට එරෙහි කණ්ඩා­ය­ම්ව­ලට බට­හිර රට­වල සහාය ලැබී ඇතැයි ද ආසි­යා­තික කලා­පයේ ආර­ක්ෂක විශ්ලේ­ෂණ වාර්තා­වක සඳ­හන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බංග්ලා­දේ­ශයේ සිදුවූ එම දේශ­පා­ලන පෙර­ළිය එරට අනා­ග­තය පිළි­බඳ අවි­නි­ශ්චිත තත්ත්ව­යක් මතු කිරි­මට ද බලපා ඇති බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මහා­චාර්ය මොහො­මඩ් යූනුස්ගේ නාය­ක­ත්ව­යෙන් යුතු වත්මන් බංග්ලා­දේ­ශයේ අන්ත­ර්වාර රජය ඉදිරි මාස කිහි­ප­යේදී ගන්නා තීරණ එරට ස්වෛරී­භා­වය ආරක්ෂා කිරීම හෝ බාහිර උපා­ය­මා­ර්ග­ව­ලට නතු වීම හෝ තීර­ණය කරනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

බට­හිර රට­වල් විසින් ආසි­යාවේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙ­යු­ම්ව­ලට සහාය දැක්වීම මෑත­කදී මාල­දි­ව­යිනේ උද්ගත වූ ආර්ථික අර්බු­ද­යෙන් පෙන්නුම් කරන බවත්, බට­හිර රට­වල අව­ශ්‍ය­තා­වට අනුව දේශ­පා­ලන වෙන­ස්කම් සිදු­වීම අර්බුද රැස­කට හේතු වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.