මාල­දි­ව­යින සහ ඉන්දි­යාව අතර නිද­හස් ආර්ථික ගිවි­සු­මක්

ඉන්දි­යාවේ ඓති­හා­සික සිව්දින නිල සංචා­ර­යක නිරත වූ මාල­දි­ව­යින ජනා­ධි­පති මොහො­මඩ් මුයිසු සහ ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි ද්විපා­ර්ශ්වික විනි­මය හුව­මාරු ගිවි­සු­ම­කට ද, නිද­හස් වෙළෙඳ ගිවි­සු­ම­කට ද එක­ඟ­තා­වට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට දැඩි ආර්ථික අර්බු­ද­ය­කට මැදිවී සිටින මාල­දි­ව­යි­නට මූල්‍ය­මය හා යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරී­මට අවශ්‍ය සහ­යෝ­ගය ලබා දීමට ඉන්දීය අග­මැ­ති­ව­රයා එක­ඟ­තාව පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. දෙරට අතර විනි­මය හුව­මාරු ගිවි­සු­මට අනුව මාල­දි­ව­යි­නට විදේශ සංචිත ගැට­ලුව ජය ගැනී­ම­ටත්, එරට ආර්ථී­කය නැවත ගොනැඟී­ම­ටත් අවශ්‍ය පිටු­ව­හල ලැබෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

මාල­දි­ව­යිනේ අට­වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පසු­ගිය වසරේ අග­භා­ග­යේදි මොහො­මඩ් මුයිසු පත්වී­මෙන් පසු එතෙක් ඉන්දි­යාව සමඟ රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා ඈත් කර­මින් චීනය සමඟ සමීප මිත්‍ර­ත්ව­යක් ගොඩනඟා ගත් බවත්, මෑත කාල­යේදී එරට ආර්ථික අර්බු­දය උද්ගත වීමෙන් පසු මාල­දි­ව­යින ජනා­ධි­ප­ති­ව­රයා යළි ඉන්දි­යාව සමඟ සමීප සබ­ඳතා ගොඩනඟා ගැනී­මට පිය­වර ගැනීම ආසි­යානු කලා­පයේ සාමය ව්‍යාප්ත කිරී­මට වැද­ගත් පිය­ව­රක් බව දේශ­පා­ලන විශ්ලේ­ෂ­ක­යන් සඳ­හන් කර ඇතැයි ද වාර්තා වේ.