දඹුල්ල දියර පොහොර ආය­ත­න­යට මා අනු­මැ­තිය දුන්නේ නෑ-සාක්ෂි තිබේ නම් ඔප්පු කරන්න – හිටපු කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර

දඹුල්ල ප්‍රදේ­ශයේ දියර පොහොර නිෂ්පා­දන ආය­ත­න­යක් සඳහා තමන්ගේ ආශී­ර්වා­දය හෝ අනු­මැ­තිය ලබා දුන් බවට සනාථ කළ හැකි එකදු සාක්ෂි­යක් හෝ ඉදි­රි­පත් කර­න්නැයි හිටපු කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහතා අදාළ පාර්ශ්ව වෙතින් ඉල්ලී­මක් කර තිබේ.

පෙරේදා (10) පුව­ත්පත් කිහි­ප­යක පළ වී ඇති දඹුල්ල ප්‍රදේ­ශයේ දියර පොහොර නිෂ්පා­දන ආය­ත­න­යක් සම්බ­න්ධ­යෙන් හිටපු කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සම්බ­න්ධ­තා­වක් ඇතැයි කිය­වෙන පුව­ත්පත් වාර්තා සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කර­මින් අම­ර­වීර මහතා මෙම ඉල්ලීම සිදු­කර ඇත. තමන් අමාත්‍ය තන­තුරු දැරූ කිසිදු අව­ස්ථා­වක හෝ නීති විරෝධී කට­යුතු සඳහා තමන් අනු­බල දී නැතැයි ද හිටපු අමා­ත්‍ය­ව­රයා ප්‍රකා­ශ­යක් නිකුත් කර­මින් අව­ධා­ර­ණය කර තිබේ.

මෙම දියර පොහොර නිෂ්පා­දන සමා­ගම, හිටපු කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහ­තාගේ ආශී­ර්වා­ද­යෙන් ස්ථාපිත කළ බවට එහි අයි­ති­ක­රු­වන් ප්‍රකාශ කළ බව ද ඇතැම් මාධ්‍ය වාර්තා­වල සඳ­හන් වී තිබිණි.