කැළණියේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අද (12) උදෑසන 8.30 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් එල්ස්ටන් ප්‍රදේශයට වාර්තා වී තිබේ.

ඒ, මිලිමීටර් 175.5 කි.

කලටුවාව ප්‍රදේශයට මිලිමීටර් 136.02ක වැස්සක් ඇදහැලී ඇති අතර, කිරිදිවෙල ප්‍රදේශයට මිලිමීටර් 129.08ක වර්ෂාපතනයක් ලැබී ඇත.

මේ අතර, වැසි හේතුවෙන් බියගම නව නුවර පාර පට්ටිවිල ප්‍රදේශයන් සම්පූර්ණයෙන් ජලයෙන් යට වී තිබේ.

එමෙන්ම ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සදහන් කළේ, පට්ටිවිල කිරිබත්ගොඩ මාර්ගය ද ජලයෙන් යට වී වාහන ගමනාගමනය ඇනහිට ඇති බවයි.

කැලණියේ සිට කොටිකාවත්ත ප්‍රදේශයට දිවෙන මාර්ගයද කැලණිමුල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති අතර, එගොඩ කැලණිය සිරිමෙවන් රාජ මහා විහාරය ද ජලයෙන් යටවී තිබේ.