සබ­ර­ගමු පළාත් ආදා­යම කෝටි 110 පනී

සබ­ර­ග­මුව පළාත් ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව සෑම වස­ර­කම රුපි­යල් මිලි­යන 1100 (රු.කෝටි 110) ඉක්මවා ආදා­යම් උප­යා­ගෙන ඇතැයි පළාත් ආදා­යම් කොම­සා­රිස් නන්දනී ගුණ­ව­ර්ධන මහ­ත්මිය ප්‍රකාශ කළාය.

සබ­ර­ගමු පළාත් ආදා­යම් කොම­සා­රි­ස්ව­රිය මේ බව සඳ­හන් කළේ සබ­ර­ගමු පළාත් ආණ්ඩු­කාර චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා (08) රත්න­පුර පිහිටි සබ­ර­ගමු පළාත් ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තු­වේදී පැවති ප්‍රගති සමා­ලෝ­චන රැස්වී­මට එක්වෙ­මිනි.

මෙහිදී අද­හස් දැක්වූ පළාත් ආදා­යම් කොම­සා­රිස් නන්දනී ගුණ­ව­ර්ධන මහ­ත්මිය පැව­සුවේ, පසු­ගිය 2023 වර්ෂයේ පළාත් ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව රුපි­යල් මිලි­යන 1247ක මුද­ලක් රජය වෙත උත්පා­ද­නය කර ඇති බවය.

මෙම වර්ෂය (2024) තුළ මේ වන විට රුපි­යල් මිලි­යන 1069 මුද­ලක් රජය වෙත සබ­ර­ග­මුව පළාත තුළින් ආදා­යම් ලෙස උත්පා­ද­නය කර ඇති බවත් එය මෙම වර්ෂය අව­සන් වන විට රුපි­යල් මිලි­යන 1300ක් පමණ වන බවත් නන්දනී ගුණ­ව­ර්ධන මහ­ත්මිය මෙහිදී සඳ­හන් කළාය.

පළාත් සභාව වෙත පැවරී ඇති බල­තල අනුව මුද්දර ගාස්තු, ඛනිජ හා ඖෂධ මත මෙම බදු වාර්ෂි­කව ඉප­යීම සිදු කරන බව සබ­ර­ගමු පළාත් ආදා­යම් කොම­සා­රි­ස්ව­රිය වැඩි­දු­ර­ටත් පැව­සු­වාය.

දැනට තක්සේ­රු­ක­රු­වන් 11දෙනකු සහ ප්‍රවා­හන පහ­සු­කම් අවම මට්ට­මක පැව­තීම සබ­ර­ග­මුව පළාත තුළ ආදා­යම් උත්පා­ද­නය සඳහා විශාල බාධා­වක්ව පව­තින බව සබ­ර­ගමු පළාත් ආදා­යම් කොම­සා­රිස් නන්දනී ගුණ­ව­ර්ධන මහ­ත්මිය සඳ­හන් කළාය.

මෙහිදී අද­හස් දැක්වූ සබ­ර­ගමු පළාත් ආණ්ඩු­කාර චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මිය පැව­සුවේ රාජ්‍ය ආදා­යම් උත්පා­ද­නය සඳහා සබ­ර­ගමු පළාත් ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව ගෙන­යන පිය­වර සඳහා රජය ලෙස උප­රිම දාය­ක­ත්වය ඊට ලබා දෙන බවය.

මෙම අව­ස්ථා­වට සබ­ර­ගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීර­සූ­රිය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) සරත් සේනා­රත්න යන මහ­ත්වරු ඇතුළු පිරි­සක් එක්ව සිටි­යහ.