බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ෙෂයික් හසීනා ධුරයෙන් ඉවත් කිරීම සහ ඇගේ නායකත්වයෙන් යුතු අවාමි ලීග් රජය පෙරළා දැමීමට එරට ශිෂ්‍ය අරගලය ව්‍යාප්ත කිරීම ඇතුළු සිදුවීම් රැසකට බටහිර රටවල සම්බන්ධයක් ඇතැයි ද, එම විරෝධතා ආරම්භ කිරීමට රජයට එරෙහි කණ්ඩායම්වලට බටහිර රටවල සහාය ලැබී ඇතැයි ද ආසියාතික කලාපයේ ආරක්ෂක විශ්ලේෂණ වාර්තාවක සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බංග්ලාදේශයේ සිදුවූ එම දේශපාලන පෙරළිය එරට අනාගතය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් මතු කිරිමට ද බලපා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මහාචාර්ය මොහොමඩ් යූනුස්ගේ නායකත්වයෙන් යුතු වත්මන් බංග්ලාදේශයේ අන්තර්වාර රජය ඉදිරි මාස කිහිපයේදී ගන්නා තීරණ එරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම හෝ බාහිර උපායමාර්ගවලට නතු වීම හෝ තීරණය කරනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
බටහිර රටවල් විසින් ආසියාවේ පාලන තන්ත්ර වෙනස් කිරීමේ මෙහෙයුම්වලට සහාය දැක්වීම මෑතකදී මාලදිවයිනේ උද්ගත වූ ආර්ථික අර්බුදයෙන් පෙන්නුම් කරන බවත්, බටහිර රටවල අවශ්‍යතාවට අනුව දේශපාලන වෙනස්කම් සිදුවීම අර්බුද රැසකට හේතු වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.