ශ්‍රී ලංකා-කොදෙව් විස්සයි20 සටන හෙට ඇරඹේ

ශ්‍රී ලංකා කණ්ඩා­යම සහ සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් කණ්ඩා­යම අතර තරග 3කින් සම­න්විත විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය හෙට රාත්‍රී 7.00ට රංගිරි දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ.

කෙසේ වෙතත් මේ දින­වල මෙර­ටට බලපා ඇති අය­හ­පත් කාල­ගුණ තත්ත්වය හේතු­වෙන් අද තර­ග­යට වර්ෂා­වෙන් බාධා වීමට ඉඩ ඇතැයි කාල­ගුණ අනා­වැකි පළ වී තිබේ.

සනත් ජය­සූ­රිය මහතා නිත්‍ය පුහු­ණු­කරු ලෙස වැඩ භාර ගැනී­මෙන් පසු පැවැ­ත්වෙන තර­ගා­ව­ලිය මෙය වන අතර, පසු­ගිය මාස කිහි­පයේ ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටියේ යළි කතා­බ­හට ලක්වන කණ්ඩා­ය­මක් බවට පත්වූ ශ්‍රී ලංකා පිලට යළිත් ඉති­හා­ස­ගත ජය­ග්‍ර­හ­ණ­යක් වාර්තා කිරී­මට මේ තර­ගා­ව­ලි­යෙන් අව­ස්ථා­වක් ලැබී තිබේ. ඒ කොදෙ­ව්වන්ට එරෙ­හිව පළමු වරට විස්සයි20 තර­ගා­වලි ජයක් සට­හන් කර ගැනී­මෙනි.

ශ්‍රී ලංකව සහ කොදෙව් පිල අතර මින් පෙර ද්විපා­ර්ශ්වික විස්සයි20 තර­ගා­වලි 3ක් පවත්වා ඇති අතර, 2015 වසරේ පැවති පළමු තර­ගා­ව­ලිය 1-1ක් ලෙස සමව නිමා වී තිබේ. අන­තු­රුව 2019දී තර­ගා­ව­ලිය 2-0ක් ලෙස සහ අව­සන් වරට 2021 වසරේ පැවති තරග 3කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලිය 2-1ක් ලෙස ජය ගැනී­මට කොදෙව් පිල සමත් විය.

කෙසේ වෙතත් විස්සයි20 පිටි­යේදී 15 වතා­වක් දෙපිල හමු වෙද්දී වැඩි ගෞරව අත්කර ගැනී­මට ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේ තරග 8ක් ජය ගනි­මිනි. ඉතිරි තරග හතේ ජය කොදෙව් පිල සතු වී ඇත. මේ වන විට කොදෙව් පිල අයි­සීසී ශ්‍රේණි­ගත කිරීම් අනුව විස්සයි20 පිටියේ තෙවැනි තැන පසු­වන අතර, ශ්‍රී ලංකාව පසු­වන්නේ 8 වැනි ස්ථාන­යේයි.

තර­ගා­වලි ද්විත්ව­ය­කදී විස්සයි20 කණ්ඩා­ය­මට නාය­ක­ත්වය දී ඇති චරිත් අස­ලංක නිත්‍ය නාය­කයා ලෙස පත්වී­මෙන් පසු කණ්ඩා­යම මෙහෙ­ය­වන දෙවැනි අව­ස්ථාව මෙය වන අතර, ඔහු පසු­ගිය ජූලි මස ඉන්දි­යා­වට එරෙහි තර­ගා­ව­ලි­යේදී නිත්‍ය නාය­කයා ලෙස නම් කෙරිණි. ඉන් පෙර මේ වසර මුලදී බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව පැවති විස්සයි20 තර­ගා­ව­ලි­යේදී තරග 2කදී ඔහු නාය­කයා ලෙස කට­යුතු කළේය.

කෙසේ වෙතත් අස­ලංක මෙන්ම කොදෙව් පිල විස්සයි20 පිටි­යේදී 26 වතා­වත් මෙහෙ­යවා ඇති රොව්මන් පවෙල් ද එකි­නෙ­කාට එරෙ­හිව නාය­ක­ත්වය දෙන පළමු අව­ස්ථාව මෙයයි.

32 හැවි­රිදි මැද පෙළ පිති­කරු භානුක රාජ­පක්ෂ යළි විස්සයි20 සංචි­ත­යට එක්ව ඇති අතර, දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ ද වසර දෙක­කට පසුව යළි විස්සයි20 කණ්ඩා­යමේ ස්ථාන­යක් ලබා ගෙන තිබේ. භානුක පසු­ගිය වසරේ ජන­වාරි මස ඉන්දි­යා­වට එරෙ­හිව අව­සන් වරට විස්සයි20 තර­ග­ය­කට ක්‍රීඩා කළ අතර, වැන්ඩසේ අව­සන් වරට තර­ග­ය­කට එක්වූයේ 2022 වසරේ පෙබ­ර­වාරි මස ඉන්දි­යා­වට එරෙ­හි­වය.

පෞද්ග­ලික හේතූන් මත මේ සංචා­ර­යෙන් කොදෙව් ප්‍රබල ක්‍රීඩ­ක­යන් වන ඇන්ඩ්‍රි රසල්, නිකොල්ස් පූරාන්, ශිම්රන් හෙට්ම­යර් සහ අකීල් හොසේන් ඉවත් වීමට කට­යුතු කළ අතර, පළ­පු­රුදු පිති­ක­රු­වකු වන එවින් ලුවිස් වසර දෙක­කට පසු යළි විස්සයි20 සංචි­ත­යට කැඳවා තිබේ. ඔහු අව­සන් වරට 2022 වසරේ ඔක්තෝ­බර් මස අය­ර්ල­න්ත­යට එරෙ­හිව විස්සයි20 තර­ග­ය­කට එක්ව තිබේ.

තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යන් වන 32 හැවි­රිදි ටෙරන්ස් හින්ඩ්ස් සහ 26 හැවි­රිදි ෂමර් ස්ප්‍රින්ගර් පළමු වරට විස්සයි20 සංචි­ත­යට කැඳවා ඇත.

ශ්‍රී ලංකා විස්සයි20 සංචි­තය – චරිත් අස­ලංක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දි­මාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජ­පක්ෂ, වනිඳු හස­රංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලා­ලගේ, ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍ර­ම­සිංහ, මතීෂ පති­රණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු.

කොදෙව් විස්සයි20 සංචි­තය – රොව්මන් පවෙල් (නායක), රොස්ටන් චේස් (උප නායක), ෆේබි­යන් ඇලන්, ඇලික් අත­නාසේ, ඇන්ඩ්‍රි ෆ්ලෙචර්, ටෙරන්ස් හින්ඩ්ස්, ෂායි හෝප්, අල්සාරි ජෝසප්, ෂමර් ජෝශප්, බ්‍රැන්ඩන් කිං, එවින් ලුවිස්, ගුඩ­කේෂ් මෝටි, ෂර්ෆාන් රද­ර්ෆර්ඩ්, රොමා­රියෝ ෂෙපර්ඩ්, ෂමර් ස්ප්රින්ගර්.