මිලි­යන 95,000ක් ලබාගන්න පැවැත්වූ භාණ්ඩා­ගාර බැඳු­ම්කර වෙන්දේ­සි­යට මිලි­යන 2,77,896ක අධි ඉල්ලු­මක්

නව ආණ්ඩුව වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 95,000ක් ලබාගැනීම ඉලක්ක කොට ඊයේ(11) පළමු වරට පැවැත්වූ භාණ්ඩා­ගාර බැඳු­ම්කර වෙන්දේ­සි­යට රුපි­යල් මිලි­යන 2,77,896ක අධි ඉල්ලු­මක් පැවැති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

වසර 3යි මාස 5කින් කල් පිරෙන (2024.10.15 සිට 2028 .03.15 දින) රුපි­යල් මිලි­යන 70,000ක භාණ්ඩා­ගාර බැඳු­ම්කර නිකු­තුව සඳහා රුපි­යල් මිලි­යන 2,15,738ක අධි ඉල්ලු­මක් පැව­තිණි. වසර අට­කින් කල් පිරෙන (2024.10.15 සිට 2032.10.01 දින) කල්පි­රෙන රුපි­යල් මිලි­යන 25,000ක් වටිනා භාණ්ඩා­ගාර බැඳු­ම්කර සඳහා රුපි­යල් මිලි­යන 62158ක අධි ඉල්ලු­මක් ද පැවැති බව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපා­ර්ත­මේ­න්තුව වැඩි­දු­ර­ටත් පව­සයි.

මෙලෙස අධි ඉල්ලු­මක් පැවැති භාණ්ඩා­ගාර බැඳු­ම්කර නිකු­තුන් දෙකෙන්ම මහ බැංකුව පිළි­ගත් ලංසු ප්‍රමා­ණය වනුයේ රුපි­යල් මිලි­යන 95,000ක් වටිනා බැඳු­ම්කර පම­ණක් බව ද එම දෙපා­ර්ත­මේ­න්තුව කියයි. වසර තුන­කට අධික කාල­යක් සහිත බැඳු­ම්කර සඳහා 10.75% ක පොලී අනු­පා­ත­යක් ද වසර අට­කින් කල්පි­රෙන භාණ්ඩා­ගාර බැඳු­ම්කර සඳහා 09.00%ක පොලී අනු­පා­ත­යක් යටතේ වාර්ෂික පොලිය ගෙවී­මට තීර­ණය කොට ඇත.