පහළ වායු ගෝලයේ පෙරේදා (10) සිට පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් කළුතර, රත්නපුර, කොළඹ, ගම්පහ, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය, කුරුණෑගල, මාතර හා බදුල්ල යන දිස්ත්‍රික්කවලට අධික වර්ෂාවක් ලැබී ඇති අතර, ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී පැවතියේ මේ අයුරිනි.
මේ අතර ඊයේ (11) පස්වරු 6.00 වන විට රත්නපුර ගෙට්ටුකඩේ ප්‍රදේශයට මි.මී 271 ක්ද, කොටහැරට මි.මී 254ක්ද, බුලත්සිංහලට මි.මී 211ක්ද, අලවලට මි.මී 199ක්ද ආදි වශයෙන් දෙල්මෙල්ල, ඉංගිරිය, එල්ලාවල, ගටියමුල්ල, එරත්න, හොරණ, පලාවල,තෙලිගම, පලාබද්දල, සපුමල් කන්ද, පාහියන්ගල, කුරුවිට, ඇහැළියගොඩ, කළුගල, මොරොන්තොට, වරකාපොල, දඹදෙණිය, නෙළුව, මතුගම ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක්ද ලැබී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ක්ෂණික ජලගැලීම් නිසා පවුල් 144ක 537 දෙනකු අවතැන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. වැලිපැන්න සුරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් 6ක 24 දෙනකු ඊයේ පස්වරු 6.00 පමණ වන විට රඳවා තිබිණි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් දිස්ත්‍රික 9කට නායායෑම් අනතුරු ඇඟවීම් දී තිබේ. කළු, කැලණි, ගිං, නිල්වලා, අත්තනගලු ඔය යන ගංගාවල ස්ථාන ගණනාවකට ගංවතුර අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ පස්වරුව වන විට විවෘත කර තිබිණි.