කෝටි 280ක ආයෝ­ජ­න­ය­කින් බෙන්තො­ටට ආයු­ර්වේද නිකේ­ත­න­යක්

ශ්‍රී ලංකාවේ ආර්ථි­ක­යට සහ සංචා­රක ව්‍යාපා­රයේ වර්ධ­න­යට විශාල දාය­ක­ත්ව­යක් ලබා දෙමින් රුපි­යල් කෝටි 280ක ආයෝ­ජ­න­ය­කින් ආයු­ර්වේද නිකේ­ත­න­යක් බෙන්තොට ප්‍රදේ­ශයේ ඉදි­කි­රී­මට පිය­වර ගෙන තිබේ.

ශ්‍රී ලාංකික ආයෝ­ජක චන්දන සිල්වා මහ­තාගේ හා ජපාන ආයෝ­ජක සෙයිජි ඔට්සුකා (SEIJI OTSUKA) මහ­තාගේ ආයෝ­ජ­න­යෙන් ආරම්භ කළ බෙන්තොට සෙලෙ­ස්ටියා ආයු­ර්වේද නිකේ­ත­නය විවෘත කිරීම පසු­ගි­යදා (10) සිදු­කෙ­රිණි.

මෙම අව­ස්ථා­වට ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලයේ අධ්‍යක්ෂ ජන­රාල් රේණුකා විර­කෝන මහ­ත්මිය සහ­භාගි විය. මෙම අව­ස්ථාවේ දී අද­හස් දැක්වූ ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලයේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රිය, මෙරට ආර්ථි­කයේ විශාල පැති­ක­ඩ­කට දාය­ක­ත්ව­යක් දරන ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය සාම්ප්‍ර­දා­යික සීමා­වෙන් ඔබ්බට ගොස් රටට වැඩි විදේශ විනි­ම­යක් එක් කරන නව ආයෝ­ජන මාන­යන් කෙරේ ආයෝ­ජ­ක­යින් උනන්දු කර­වන බව පැව­සු­වාය.

වාර්ෂි­කව විශාල විදේශ විනි­ම­යක් රටේ ආර්ථි­ක­යට එක්ක­රන සංචා­රක ව්‍යාපා­රය තව දුර­ටත් වර්ධ­නය කර ගැනීම වෙනු­වෙන් මේ වන­වි­ටත් ආයෝ­ජ­ක­යින් හට සේවා සැප­යී­මට ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය ක්‍රියා­ක­රයි. දශක ගන­නා­ව­කට පෙර පැවති සංචා­රක කර්මා­න්තයේ ස්භාවය අද වන­විට බොහෝ සෙයින් වෙනස් වෙමින් පව­තින අතර පව­තින වානි­ජ­ක­ර­ණ­යත් සමඟ මිනිස් ජීවිත කාර්ය­බ­හුල හා අවි­වේකි වී ඇත.

බොහෝ පිරිස් මාන­සික ආත­තීන් හා බෝ නොවන රෝග­යන්ට ගොදුරු වෙමින් සිටිති. ගෝලීය වශ­යෙන් ගත් කළද මෙය සාමාන්‍ය තත්ත්ව­යක් වන අතර ශාරී­රික හා මාන­සික සහ­නය සඳහා සාර්ථ­කම පිළි­ය­මක් ලෙස හෙළ වෙද­කම හා බැඳුණු යෝග හා භාව­නා­වන් ක්‍රම අනු­ග­ම­නය කිරීම ලොව පුරා ඉහළ යමින් පවතී.