ඉන්දු-ශාන්තිකර සාමය සහ සෞභා­ග්‍ය­යට ශ්‍රී ලංකාවේ කාර්ය­භා­රය තීර­ණා­ත්මකයි-ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­ප­තිනි ජුලී චන්ග්

ඉන්දු – ශාන්තිකර කලා­පයේ සාමය සහ සෞභා­ග්‍යය සහ­තික කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ කාර්ය­භා­රය තීර­ණා­ත්මක සාධ­ක­යක් බව ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­ප­තිනි ජුලී චන්ග් මහ­ත්මිය අව­ධා­ර­ණය කරයි.

ආර්ථි­කයේ ජීව­නා­ලිය වන ශ්‍රී ලංකාවේ සමු­ද්‍රීය වෙළෙඳ මාර්ග ආරක්ෂා කිරීම සඳහා සමු­ද්‍රීය වසම් දැනු­ම්වත් කිරීම ඉතා වැද­ගත් බව පෙන්වා­දෙන ඒ මහ­ත්මිය සාගර කලාප, ආර්ථික අව­ස්ථා­ව­න්ගෙන් පොහො­සත් වන අත­රම, නීති විරෝධී මසුන් ඇල්ලීමේ සිට මිනිස් ජාවා­රම් සහ වෙනත් නීති විරෝධී, බල­හ­ත්කාර සහ වංචා­කාරී ක්‍රියා­කා­ර­කම් දක්වා සැල­කිය යුතු තර්ජ­න­ව­ලට ඒවා ගොදුරු වන බව ද පෙන්වා­දෙයි.

තානා­ප­ති­නිය මේ බව සඳ­හන් කළේ අමෙ­රිකා එක්සත් ජන­ප­දය ශ්‍රී ලංකා­වට පරි­ත්‍යාග කළ බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් 360ER ගුව­න්යා­නය නිල වශ­යෙන් ශ්‍රී ලංකා ගුවන් හමු­දාව වෙත භාර­දීම වෙනු­වෙන් කටු­නා­යක ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳ­වු­රේදී පෙරේදා (10) පැවති උත්ස­වය අම­ත­මිනි.

අමෙ­රි­කානු රජය මඟින් එම නවීන ගුවන් යානය නිල වශ­යෙන් ශ්‍රී ලංකා ගුවන් හමු­දාව වෙත භාර­දීම කටු­නා­යක ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳ­වු­රේදී සිදු­කෙ­රුණු අතර ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් එයාර් වයිෂ් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා, ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­ප­තිනි ජුලී චැන්ග්, ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් උදේනි රාජ­පක්ෂ සහ එක්සත් ජන­පද පැසි­ෆික් බළ­ඇ­ණියේ අණ දෙන නිල­ධාරි අද්මි­රාල් ස්ටීව් කේලර් මහත්ම මහ­ත්මීන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු­කෙ­රිණි.

අමෙ­රි­කාවේ පරි­ත්‍යා­ග­යක් වන මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 03 සමු­ද්‍රීය බළ­ග­ණ­යට අනු­යු­ක්තව රාජ­කාරි ඇරැ­ඹී­මට නිය­මිත අතර එම නවීන ගුවන් යානය සාම්ප්‍ර­දා­යික ජල ආචාර මැද කටු­නා­යක ගුවන් හමුදා මූලික කඳ­වු­රට පිළි­ගන්නා ලදි. අන­තු­රුව මෙම බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් 360 නිරී­ක්ෂණ ගුවන් යානය නිල වශ­යෙන් භාර­දීමේ සහ භාර ගැනීමේ ලේඛ­න­යන් සඳහා අත්සන් කරන ලද අතර එක්සත් ජන­පද පැසි­ෆික් බළ­ඇ­ණියේ අණ දෙන නිල­ධාරි අද්මි­රාල් ස්ටීව් කේලර් සහ ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් උදේනි රාජ­පක්ෂ මහ­ත්වරු ඊට අත්සන් කළහ.

මෙම අව­ස්ථාව එක්සත් ජන­පද – ශ්‍රී ලංකා දෙර­ටෙහි දිගු­කා­ලීන සහ­යෝ­ගි­තාව සංකේ­ත­වත් කරන අතර ශ්‍රී ලංකාවේ සමු­ද්‍රීය ආර­ක්ෂාව සහ ස්වෛරී­භා­වය ශක්ති­මත් කිරීමේ තීර­ණා­ත්මක පිය­ව­රක් වනු ඇතැයි ද නවී­න­තම නිරී­ක්ෂණ තාක්‍ෂ­ණ­යෙන් සන්නද්ධ කිංග් එයාර් ගුවන් යානය, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මුර සංචා­රයේ යෙදී­මට, සමු­ද්‍රීය තර්ජ­න­ව­ලින් ආරක්ෂා වීමට සහ ඉන්දි­යන් සාග­රයේ වැද­ගත් වෙළෙඳ මාර්ග සුර­ක්ෂිත කිරී­මට ශ්‍රී ලංකා­වට ඇති හැකි­යාව ශක්ති­මත් කරනු ඇතැයි ද ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය පෙන්වා­දෙයි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ එක්සත් ජන­පද තානා­ප­තිනි ජුලී චැන්ග් මහ­ත්මිය,

“කිංග් එයාර් ගුවන් යානය එක්සත් ජන­ප­දය හා ශ්‍රී ලංකාව අතර පව­තින ශක්ති­මත් සහ­යෝ­ගි­තාව, ඉන්දු – පැසි­ෆික් කලා­පයේ සාමය සහ සෞභා­ග්‍යය සහ­තික කිරීම උදෙසා වන ශ්‍රී ලංකාවේ කාර්ය­භා­රය පිළි­බඳ සාක්ෂි­යක් ලෙස හඳුන්වා දෙන්න පුළු­වන්. සමු­ද්‍රය අප එකි­නෙකා හා සම්බන්ධ කරන බැවින් එහි ආර­ක්ෂාව සාමූ­හික වග­කී­මක් බවට වන ශ්‍රී ලංකාවේ දැක්ම, හවු­ල්ක­රු­වකු ලෙස එක්සත් ජන­ප­දය ශ්‍රී ලංකාව සමඟ එක්ව බෙදා ගන්නවා. ආර්ථි­කයේ ජීව­නා­ලිය වන ශ්‍රී ලංකාවේ සමු­ද්‍රීය වෙළෙඳ මාර්ග ආරක්ෂා කිරීම සඳහා සමු­ද්‍රීය වසම් දැනු­ම්වත් කිරීම ඉතා වැද­ගත් වෙනවා. සාගර කලාප, ආර්ථික අව­ස්ථා­ව­න්ගෙන් පොහො­සත් වන අත­රම, නීති විරෝධී මසුන් ඇල්ලීමේ සිට මිනිස් ජාවා­රම් සහ වෙනත් නීති විරෝධී, බල­හ­ත්කාර සහ වංචා­කාරී ක්‍රියා­කා­ර­කම් දක්වා සැල­කිය යුතු තර්ජ­න­ව­ලට ඒවා ගොදුරු වෙනවා. මෙම බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් යානය ඔබේ ජාතික සම­ගියේ සහ සෞභා­ග්‍යයේ නිර­න්තර ආර­ක්ෂ­ක­යකු ලෙස ඔබට අයිති දේ සාධා­රණ ලෙස ආරක්ෂා කිරී­මට සැම­වි­ටම සුප­රි­ක්ෂා­කාරී වෙමින් සේවය කරනු ඇතැයි මම බලා­පො­රොත්තු වෙනවා.”

ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් එයාර් වයිෂ් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා මහතා,

“තාක්ෂ­ණ­යෙන් ඉතාම දියුණු බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් යානය ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වට අමෙ­රි­කා­වෙන් පරි­ත්‍යාග කර තිබෙ­නවා. මුහුදු කලා­පය ආව­ර­ණය කර­මින් එහි නිරී­ක්ෂණ කට­යුතු කරන්න මේ ගුවන් යානය ඉතා වැද­ගත් වෙනවා. ඒ සඳ­හාම නූතන තාක්ෂ­ණික උපාං­ග­ය­න්ගෙන් මෙම ගුවන් යානය සම­න්විත වෙනවා. එම­ඟින් අපේ ගොඩ­බිම් සීමා­වට වඩා විශාල සාගර කලා­ප­යක ඇති­විය හැකි සහ ඇතිවී තිබෙන ජාතික ආර­ක්ෂා­වට තර්ජ­න­යක් වන ක්‍රියා­කා­ර­කම් නිරී­ක්ෂ­ණය කර­මින්, අවශ්‍ය අංශ වෙත යොමු කර­මින් රටේ ආර­ක්ෂාව සඳහා තීරණ ගන්න හැකි­යාව ලැබෙ­නවා. ශ්‍රී ලංකාව වැනි දූපත් සහිත රට­කට මෙය ඉතා වැද­ගත් ගුවන් යාන­යක් වෙනවා. එවැ­න්නක් ශ්‍රී ලංකා­වට ලබා­දීම සම්බ­න්ධ­යෙන් අමෙ­රි­කානු රජ­යට අපේ ප්‍රණා­මය පිරි­න­ම­නවා.”

ශ්‍රී ලංකා ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් උදේනි රාජ­පක්ෂ මහතා,

“ශ්‍රී ලංකාව සහ එක්සත් ජන­ප­දය අතර දිගු­කා­ලීන හවු­ල්කා­රි­ත්වයේ සුවි­ශේෂ සන්ධි­ස්ථා­න­යක් ලෙස බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් 360ER ගුවන් යානය ශ්‍රී ලංකා­වට පිළි­ග­න්නවා. බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් 360 ER ගුවන් යානය හඳු­න්වා­දීම, සමු­ද්‍රීය වසම් දැනු­ම්වත් කිරීම සඳහා වන ගුවන් හමු­දාවේ ගුවන් බලය කාර්ය­ක්ෂම කිරීමේ එක් ප්‍රධාන පිය­ව­රක්. වග­කී­ම්ස­හ­ගත හා ප්‍රධාන පාර්ශ්ව­ක­රු­වකු ලෙස අපගේ කාර්ය­භා­රය පිළි­බිඹු කර­මින්, ඉන්දීය සාගර කලා­පය තුළ සමු­ද්‍රීය ආර­ක්ෂාව සහ HADR ධාරි­තාව ඉහළ නැංවීම කෙරෙහි අපගේ වැඩි අව­ධා­නය යොමු කිරීම මෙම අව­ස්ථා­වෙන් අව­ධා­ර­ණය කර­නවා. තවද, මෙම නවීන ISR පද්ධ­තිය ගුවන් සහ සමු­ද්‍රීය වස­ම්වල තර්ජ­න­ව­ලට මුහු­ණ­දීම සඳහා ද අපගේ කලා­පයේ අන්ත­ර්ජා­තික අප­රාධ මැඬ­ලීම සඳහා වන සාමූ­හික ආර­ක්ෂාව සහ අන්තර් ක්‍රියා­කා­රී­ත්වය පෝෂ­ණය කිරීමේ අඛණ්ඩ උත්සා­හ­යන් සඳහා ද වන නව­තම එක­තු­වක් වෙනවා.

මෙහිදී එක්සත් ජන­පද පැසි­ෆික් බල­ඇ­ණියේ අණ­දෙන නිල­ධාරි අද්මි­රාල් ස්ටීව් කේලර් මහතා ද අද­හස් දැක්වීය.

එක්සත් ජන­පද ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ හවු­ල්ක­රු­වන්ගේ ධාරි­තාව ගොඩ­නැං­වීමේ වැඩ­ස­ට­හන මඟින් අර­මු­දල් සප­යන ලද කිංග් එයාර් යානය, බීච් ක්‍රාෆ්ට් ටෙක්ස්ට්‍ර්න් ඒවි­යේ­ෂන් (Beechcraft Textron Aviation) විසින් නිෂ්පා­ද­නය කරන ලද අතර 2022 වසරේ දී සාදා නිම­ක­රන ලදි.