ළම­යින් පිළි­බඳ සංවේදි කාරණා මාධ්‍ය­වල පළ කරද්දී ළමා අයි­ති­වා­සි­කම් ආරක්ෂා කරන්න-ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රිය

ළම­යින් පිළි­බඳ සංවේදි කාරණා සම්බ­න්ධව ප්‍රවෘත්ති ජන­මා­ධ්‍ය­වල පළ කිරී­මේදී ළම­යින්ගේ අයි­ති­වා­සි­කම් ආරක්ෂා කළ යුතු බව ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රිය අව­ධා­ර­ණය කරයි.

එම අධි­කා­රියේ සභා­ප­තිනී ප්‍රීති ඉනෝකා රණ­සිංහ මහ­ත්මිය විසින් මේ පිළි­බ­ඳව කරුණු දක්ව­මින් ඊයේ (11) මාධ්‍ය නිවේ­ද­න­යක් නිකුත් කළ අතර එම නිවේ­ද­නයේ මේ බව සඳ­හන් කර ඇත.

ළමා අප­යෝ­ජන හා සිය­දිවි නසා ගැනීම් ආදී සිදු­වීම් සම්බ­න්ධ­යෙන් ජන­මාධ්‍ය මඟින් කරුණු වාර්තා කිරීමේ දී වින්දිත ළම­යාගේ අන­න්‍ය­තාව හෙළි­වන අයු­රුන් කරුණු වාර්තා කිරීම නිසා එම ළමයා, එම ළම­යාගේ දෙමා­පි­යන් හා සෙසු ළම­යින් ඇතුළු පිරිස්ද මාන­සික පීඩ­න­යට පත්වන බව ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රියේ සභා­ප­ති­නිය නිකුත් කළ එම නිවේ­ද­නයේ වැඩි­දු­ර­ටත් සඳ­හන් වේ.

ඒ නිසා ළම­යින් සම්බන්ධ සංවේදී සිදු­වීම් ජන­මාධ්‍ය මඟින් වාර්තා කිරී­මේදී වඩාත් සැළ­කි­ලි­මත් විය යුතු බවත්, 1998 අංක 50 දරන පනත යටතේ අධි­කා­රිය වෙත පැවරී ඇති බල­ත­ල­ව­ලට අනුව එවැනි වාර්තා­ක­ර­ණ­යන් නියා­ම­නය කිරී­මට ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රි­යට අයි­ති­යක් ඇති බවත් මෙහිදී පෙන්වා දී තිබේ.

එමෙන්ම 2007 අංක 56 දරන සිවිල් හා දේශ­පා­ලන අයි­ති­වා­සි­කම් පිළි­බඳ ජාත්‍ය­න්තර සම්මු­තිය අනු­වද ළම­යෙ­කුගේ උප­රිම යහ­පත ඇති කිරීම සඳහා මැදි­හ­ත්වී­මට ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රිය වෙත ඇති බල­තල ප්‍රකා­රව ළමුන්ට හානි වන වාර්තා කිරීම් සම්බ­න්ධව ඉදි­රි­යේදී නීති­මය පිය­වර ගන්නා බවද එම නිවේ­ද­න­යෙහි වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත.